මට ලබලා තිබුනු නරක කාලය තවම ඉවර නැහැ වගේ...
මට තියෙන්නෙ ඩයලොග් අන්තර්ජාල සම්බන්ධතාවයක්. අර ඩොංගල් එකක් USB එකට ගහලා ජාල ගතවෙන්න තියෙන්නෙ... ඒකේ තියෙනෙවා සාධරණ භාවිතා කිරීමේ ප්රතිපත්තිය කියලා එකක්. ඒ කියන්නෙ මගේ අන්තර්ජාල භාවිතය 5GB ඉක්මවලා ගියහම සම්බන්ධතාවය මන්දගාමි වෙනවා... මන්දගාමි වෙනවා කිව්වව නැහැ වගේ තමයි. පිටුවකින් පිටුවකට මාරු වෙන්න හැට පැයක් යනවා...
ඉතින් මේ මාසේ මගෙ ඒ සීමාව පැනලා. දැන් ඉතින් මොකුත් කර කියා ගන්න බැරිව 15 වෙනිදා වෙනකම් ඇටි කෙහෙල් කාපූ උඟුඩුවා වගේ ඉන්න වෙනවා. කියන්න දේවල් ටිකකුත් තියෙනවා. කරපු නිර්මාණ දෙකකුත් තියෙනවා. ඒ අතරින් සීගිරි.කොම් එකේ කට්ටිය එකතු වෙලා කරපු වෙසක් සත්කාර්යෙ කතාවත් ඒ වෙලාවේ දකපු සිද්ධියක් හින්දා මට ආපු සිතුවිල්ලත් ඔයගොල්ලන් එක්ක බෙදා හදා ගන්න ආසාවෙන් ඉන්න. නිර්මානයට එකතු කරන්න පින්තූරයක් දෙකක් ඩවුන්ලෝඩ් කරගන්න සෑහෙන වෙලාවක් යනවනේ...
ඉතින් යාලුවනේ... 15 වෙනිදා වෙනකම් මට තරහා අවසර...!