එක්සත් ජාතීන්ගෙ සංවිධානය ලංකාවේ මානුෂීය මෙහෙයුම් පැවති අවසාන සමයේ සිදු වුනේයැයි කියන සිද්ධීන් ගැන පරික්ෂා කරන්නට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කලේය. කෙනෙක් උත්සහ කරනවා නම් එය එක්සත් ජාතීන්ගෙ සංවිධානය පත් කල කමිටුවක් නොව එහි මහ ලේකම් බැන් කී මූන් පත් කල කමිටුවක් බව හුවා දක්වන්නට, එය වැරදිය. එක්සත් ජාතීන්ගෙ සංවිධානය යනු තම හිතුමනාපෙට වැඩකිරිමට හැකි ෆැමිලි බිස්නස් එකක් නොව මුලු ලෝකයම ඒකරාශී වී ඇති කරගත් සංවිධානයකි. එහි සියලු කටයුතු ක්‍රියාත්මක වන්නේ මහ සමුලුවන් වලදී සම්මත කරගත් ව්‍යවස්ථාවකට අනුකූලවය.
කිනම් අයුරකින් හෝ එසේ පත්කරන ලද කමිටුවට ශ්‍රී ලංකා රජය තම අකමැත්ත එක එල්ලේ ප්‍රකාශ කරන ලද අතර ඔවුන්ට ලංකාවට පැමිණිමට අවශ්‍යය වීසා ලබා දීමද ප්‍රතික්ශේප කරන ලදී. ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානි වන පරිද්දෙන් සිදුවෙන ඕනෑම කටයුත්තකට එරෙහිව රටක් වශයෙන් ලංකාව කොන්ද නමාගෙන ඉන්නේ නැති බව මුලු ලෝකෙටම කියන්නට රජය ගත් එම ක්‍රියාමාර්ගය අප සැමම පැසසිය යුතුය.
මෙවන් වටපිටාවක අපේ “සහෝදරයා” කරලියට එනවා. ඔහු වැඩ අරඹන්නේ එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ ලංකා නියෝජිතයත් වැටලිය යුතුය වැනි ප්‍රකාශයත් සමගින්. එම ප්‍රකාශයත් සමග දේශපාලනික වශයෙන් උණුසුම් තත්ත්වයක් ඇති වෙනවා. “කල දුටු කල වළ ඉහ ගැනීමේ” ගතිය තම ජානවල මුල් බැහගෙන ඇති අපේ “සහෝදරයා” මේ අවස්ථාව තම දේශපාලන ඇසින් හොදින් ග්‍රහණය කර ගත්තා. තමන්ගේ මුල් පුටුවට යන ගමනේ “රන් අකුරෙන් ලියවෙන” සටහනක් තබන්නට මේ තරම් හොඳ තවත් මොහොතක් ආයේ කවදානම් ඒවිද…
බහුතරයක් වන පහළ හා පහළ මධ්‍යම පාන්තික ඡන්ද ඉලක්ක කරගෙන ඔහු තම ව්‍යාපාරය ඇරඹුවා. නවීන වෛද්‍යය තාක්ෂනයේ මහිමය ලොවටම කියාපාමින් ඔහු තමාගේ “ඒක පුදගල” ප්‍රසංගය රඟ දැක්වුවා. තමන්ට ලක්ෂ දෙක හමාරක් ඡන්ද ලබා දුන් මුලු කොළඹ දිස්ත්‍රික්කය පුරාම මේ “ඒක පුද්ගල” ප්‍රසංගයට මහා ප්‍රචාරයක් ලබා දුන්නා. කොළඹ හංදියක් හංදියක් පාසා එසවුනු කටවුට් නම් කීයක් තිබුනද.. ප්‍රචාරණ වියදම සැර වුනත් ලක්ෂ දෙක හමාර ඊළඟ සැරේ ලක්ෂ හතර හමාර වෙනවනේ කියලා අපේ “සහෝදරයා” හිත හදා ගත්තා…
මේ ඒක පුදගල ප්‍රසංගයේ හොඳම කොටස රඟ දැක්වුනේ ඉරිදා. අපි කවුරු කවුරුත් දන්නා ප්‍රේම සම්බන්ධයේ සෙනෙහෙ කොළ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හුවමාරු වුනා. අපේ සහෝදරයාගේ දෑස රිදෙනවාලූ පාර බලා ඉදලා.. අනේ මෙහෙමත් කෝලං.
ඔහු කුමක් කලත් අපට කම් නැත. නමුත් ඔහුගේ සහ ඔහු පිහිටුවා ගත් පක්ෂයේ දේශපාලනික අනාගතය වෙනුවෙන් මුලු මහත් රටක් පාවා දීම කිසිසේත්ම අනුමත කල නොහැක. මහත් වූ ජනතාවක් නොදන්නාමුත් මේ කාරණාවට අදාල සියලු විදෙස් රටවල් මෙහි සැබෑ තත්ත්වය දනී. විදෙස් රටවල් හමුවේ ශ්‍රී ලාංකීය කීර්තී නාමය පළුදු උනා හැරෙන්නට මෙතෙක් වෙනතුරු සිදු වූ වෙනත් දෙයක් නැත. ඊටත් වඩා බරපතළම කාරණය වන්නේ මෙමගින් අප ලෝකෙටම දෙන පණිවිඩයයි. එනම් මෙතරම් ප්‍රතිරෝධයක් ගොඩ නැගෙන්නේත් ඒ සදහා එක්තරා විදිහකට සිංහල මූලික සංවිධානයක් පෙරමුණ ගන්නේත් ඇත්තටම ලංකාවේ යුධ අපරාධ සිදු වුනු නිසා තමයි කියන පණිවිඩයයි. ඕනේම පිටත දෙස මේ ගැටලුව දෙස බලන තුන්වන පාර්ශවයකට එන හැඟීම මෙය නොවේද... පටු දේශපාලනික අරමුණු හිත් දරා "කාඩ්බෝර්ඩ් වීරයෙක්" වෙන්නට දැරූ තැතේ අනිසි ප්‍රතිවිපාක මොනවාදැයි අපි බලා හිදිමු. එවන් කිසිවක් නොවේවා කියා අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු.
මම දීරඝ විස්තරයක් කලා. මෙහි කිසිදු උපුටා ගැනීමක් නැති අතර සියලු අදහස් හුදෙක්ම මා සිතට ආ අදහස්. කට්ටිය හිතලා බලන්න මම කියලා තියෙන දේවල් ගැන. අවසානෙට මේකත් මතක තියාගන්න. ලාංකීය දේශපාලනයේ තේමා පාඨය. “ මීයක් කඩන්නේ අත ලේවකන්න විතරක් නෙවෙයි…”