..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

ගීතය කියන්නේ හරිම සුන්දර දෙයක් කියලා තේරිච්චි පුංචි දවස් වල ඉඳලම මම අමරසිරි පීරිස් මහත්තයට කැමතියි. ඒ අමරසිරි මහත්තයගේ ගැඹුරු කට හඩ හින්දා. ඉස්සර ටීවී එකේ "සිරිමැදුර" චිත්රනපටියේ "මිනිසා" සිංදුව යනකොට මම මොන සෙල්ලම කර කර හිටියත් දුවගෙන එනවා සින්දුව අහන්න. ටිකක් උස් මහත් වෙලා අමරදේවයන්ගේ ගීතවලට ඇබ්බැහි වෙච්චි කාලේ, ගීතවල ලොකුම රහ තියෙන්නෙ ඒවායේ වචන වලයි කියලා තේරුනා. ඊට පස්සෙ අමරසිරි පීරිස් මහත්තයට තිබුනු ඒ කැමැත්ත තව තවත් වැඩි උනා.

අමරසිරි පීරිස් මහත්තයා ගායනා කරපු ගීත වලින් මම ඉතාම ආස කරන, අගය කරන ගීතයක් තමයි "කවුරුවත් නැහැ... කවුරුවත් නැහැ..." කියන ගීතය. සාමාන්‍යයෙන් ගීතයකින් අපි කවුරුවත් යන්න නොපෙළඹෙන ඉසව්වකට මේ ගීතයෙන් අමරසිරි මහත්තයා අපිව ගෙනියනවා. අමරසිරි මහත්තයා තමන් තෝරාගත්තු බලගතු වචන පෙළට එතුමගේ ගැඹුරු කටහඩ එකතු කරලා, පදවැලත් එක්ක ඉතා සමීපයෙන් ගමන් ගන්න සරළ, සුගම්‍යය සංගීත කණ්ඩත් එක්ක මුහු කරලා හරි අපූරූ ගීතයක් අපිට රස විදින්න සලස්සනවා.මේ ගීතය ලියලා තියෙන්නෙ කවුද, සංගීතය කාගේද කියන කාරණා නම් ඇත්තටම මම දන්නෙ නැහැ. ඒ කාරණා දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි සටහනක් දාලා යන්නකෝ... මෙතනින් අහන ගමන් ඉතිරි ටික කියවන්නකෝ...




අද උදේ ඉදලා කීප සැරයක්ම මම මේ සින්දුව ඇහුවා. ඒකට හේතුවක් තියෙනවා. ඊයේ පෙරේදා ප්‍රවෘති බැලුවනම් ඔයගොල්ලන්ට මතක ඇති ඒවායේ කිව්වා පිටකොටුවේ, නුගේගොඩ සහ දෙහිවල ප්‍රදේශ වල තිබිච්චි පදික වෙලන්දුන්ගේ අනවසර ඉදිකිරීම් කිසිම දැනුම්දීමකින් තොරව ඉවත් කරලා කියලා. නගර සංවර්ධනයට කියලයි ඒ වැඩේ කරලා තියෙන්නෙ.


ඔය පැතිවල පාරතොටවල් වල ඇවිදින කිනෙක් විදිහට මමත් කැමතියි කරපු වැඩේට... මිනිස්සු ඕනේ තරම් වාහන වල හැප්පිලා ඇති පේමන්ට් එකේ ඉඩ නැති හින්දා මහපාරේ ගිහිල්ලා. මිනිස්සු යන්නෙ මහපාරේ හින්දා වාහන වලට යන්න තියෙන ඉඩත් අඩුවෙලා ට්‍රැෆික් එකත් වැඩිවෙනවා.අනෙක් එක අවුරුදු කාලෙට අඩියක් තියන්න ඉඩක් නැහැ. බලහත්කාරෙන් වගේ ඇඟේ ගහනවනේ.


ඒත් ටිකක් කල්පනා කරලා බලන්න දේවල් තියෙනවා. ඔය මිනිස්සු හුඟ දෙනෙක් එදා වේල හම්බ කරන් කන මිනිස්සු. ඒ අයටත් අපි වගේ බලාගන්න දරු පවුලක් ඉන්නවා. හුඟක් අය ණය වෙලා බිස්නස් කරන කට්ටිය. ඉතින් මේ වගේ රෑ යද්දි තිබුනු තමන්ගේ කඩය උදේ එද්දි නැති උනාම ඒ මිනිස්සු කොච්ච්ර අසරණ වෙනවද... ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් කොච්චර අසරණ වෙනවද...


කෙනෙකුට පොලිසිය, නාගරික සංවර්ධන අධිකාරිය ලබපු පරණ අත්දැකීම් මත කියන්න පුළුවන් ඔය වඩේ කරන්න පුළුවන් එකම විදිහ ඔය කරපු විදිහ තමයි කියලා. ඒ උනත් අපි අමතක කරන්න හොඳ නැහැ අපි තාමත් දුප්පත් රටක්. මම දේශපාලනයට විරුද්ධ උනත් ඒ එක්කෙනෙක් කියපු කතාවකට මට එකඟ වෙන්න වෙනවා...


"දුප්පතුන් නැති කරලා දුප්පත්කම නැති කරන්න බැහැ..."


අපි ඒ ලෙවල් කරන කාලේ ඉගෙන ගත්තා "තිරසාර සංවර්ධනය" (Sustainable Development) කියලා සංකල්පයක් ගැන. ඒකෙදි කතා කරන්නෙ කෙටි කාලිනව වගේම දිගු කාලිනවත් යහපත් ප්‍රථිඵල ගෙන දෙන ක්‍රම තුලින් සංවර්ධනය ලබා ගත යුතු බවයි. එය එසේ විය යුතුමය. ඒ මිනිසුන්ගේ මිනී මතින්,ඒ මිනිසුන්ගේ දරු පවුල් වල මිනී මතින් ඔබවත් මා වත් සංවර්ධනය කරා යා යුතු නැත. මොකද, තත්තවය එසේ නම් ඔබත් මාත් දෙදෙනාම දුවන්නේ මිරිඟුවක් පිටු පස්සේ...

13 හිත මිතුරු කතා බහ:

සින්දුවට ආස හිතිලා දිගටම අහන්න ඕනේ කියලා හිතුනොත් මෙතනින් අරගන්නකෝ...

"කවුරුවත් නැහැ..." - අමරසිරි පීරිස්

කිසිවක් නොලිව්වාට අවිදින් යන්නම් හැමදාමත්...
විඳගත්තෙමි ගීයේ රස නුඹ නිසාවෙන්...

මින්දද
මම තැමතිම ගායකයන් තිදෙනා තමයි
1)සුනිල් එදිරිසිංහ මහතා
2)අමරසිරි පීරිස් මහතා
3)කරුණාරත්න දිවුලගනේ මහතා

සොඳුරිය.... කාලය කෙතරම් නලුරුද
දිවි හිමියෙන් කඳුලැල් පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම්... නපුරුද සොදුරිය

අහල තියද....

කවුරුවත් නැහැ ගීතය අහන කොට සිතට එන්නේ හරිම පාළු සෝකී හැගීමක් ...

මගේත් ආසම ගායකයා අමරසිරි පීරිස්.. මට මේ මනුස්සයාගේ ගීත අහන්න තියෙන්නේ පුදුම ඇම්මක්..

පේමන්ට් කාරයෝ එලවන එකට නම් මම තදින් විරුද්ධයි..
උඹත් එක්ක එකඟයි මලයා..

නාගරීක වෙලන්දුන් කිසියම් පාටකට අයති කියලා මතයක් තිබීම එක කරුණක් වෙන්න පුලුවන්.
තවද අර බච්චන් ඇවිත් ගියාට පසුව අහම්බෙන් කියවූ පුවතක විය ඔහුගේ ප්‍රධානත්වයෙන් පවත්වන මොකක්ද උළෙලෙකට කොළඹ ෆේස්ලිෆ්ට් කරන බව.
අරකී "තිරසාර සංවර්ධනය"!

අමරසිරි මහතාගේ ගීත ගොඩක් ලස්සනයි තමයි. කේමදාසගේ සංගීතයද මුසුවුණු සමහර ගීත එපා වෙන්නෙ නෑ කොයිතරම් ඇහුවත්.

ඒ වගේම දුප්පතුන් නැති කරල දුප්පත්කම නැති කරන්න බෑ කියන කියමනත් සම්පූර්ණ ඇත්ත.

අමරසිරි පීරිස් මහත්මයගෙ ගීත වලට මමත් ‍හුඟක් ප්‍රියයි.

දුප්පතුන් සහ සංවර්ධනය ගැන කියල තියන අදහස් වලට මම එකඟයි. ඩීන් අයිය සඳහන් කරල තියන කාරණාත් මෙතනදී බලපාන්න ඇති කියල මටත් හිතෙනව.

චමිදේවා..

හොඳයි හොඳයි නිතර දෝහේ
ඇවිත් යන්න මේ පැත්තට
නොකිව්වාට කිසිදු දෙයක්
දන්නෙමි මා ඔබ යන එන බව...

වත් අක්කෙ..

ඔව් අක්කේ මේ ගීතයට යොදා ගෙන තියෙන සංගීතය හරිම ළයාන්විතයි. ඒ හින්දා ගීතයෙන් කියන තනිකම, අසරණ කම පිළිබදව හැඟීම ඒ ආකාරයටම අසන්නාට ලැබෙනවා...

අක්කගෙ ලිස්ට් එකට වික්ටර් රත්නායකයනුත් එකතු උනානම් මගේ ලිස්ට් එකත් හරි...

පිස්සයියේ... ඒ ඇම්ම ඇතිවෙන්නෙ අමරසිරි මහත්තයා තමන් ගායනා කරන ගීතවලට උපරිම සාධාරණයක් ඉටු කරන හින්දයි...

ස්තූතියි මේ පැත්තට ආවට...

ඩීන් අයියට... ඒ අය මොන පාට වුනත් දුප්පත් අය. නූගත් කමටයි ඔය එක එකාගෙ හෙන්චයිකම් වලට යන්නෙ..

ඇත්තටම ඒ ෆිල්ම් ෆෙස්ටිවල් එක හින්දද දන්නෙත් නැහැ තමයි. ටිකක් හොයලා බලන්න ඕනේ.සිළුමිණ කියලා තිබුනේ ෆිල්ම් ෆෙයාර් එක කියලනේ. කන්න ඕනේ වුනාම කබරගොයත් තලගොයා වෙනවලු...

පිටස්තරයට... අමරසිරි පීරිස් සහ කේමදාසයන් කියන්නෙ අපූරි සුසංයෝගයක්. ඇත්තටම අමරසිරි පීරිස් කියන්නෙ කේමදාසයන්ගේ ඔකෙස්ට්‍රා එකේ හිටිය වයලීන් වාදකයෙක්..

ඔව් සහෝ.. ඒ කතාව ඇත්ත. ඒ වුනාට ඔයාට මට ඒ කතාව තේරුනාට ලොකු ලොක්කන්ට තේරෙන්නෙ නැහැනේ..

ඔව් රේවන්... මටත් හිතෙනවා ඒක එහෙම වෙන්න ඇති කියලා...

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails