..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

" ඇයි මං ඒ දේ කළේ..."

ටිකක් කල්පනා කරලා බලන්න. අපි කී සැරයක් අපෙන්ම ඔය ප්‍රශ්නය අහගෙන ඇතිද... ඒ වාරගණන මතක් කරගන්න පුලුවන් අඩු වාර ගණනක් නම්, විවාදයක් නැහැ; ඔබ සාර්ථක පුද්ගලයෙක්...

ඉතින් අද වෙසක් පෝයත් වෙච්චි එකේ මේ කාරණය ඔයාලත් එක්ක බෙදා හදා ගන්න හිතුනා..

තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනෝ
විපාකං පටිසේවති


සැම දෙනාටම ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා... !



ආදරය...

අනේ මන්දා... මේ දවස් වල මම ආදරය ගැන කතා කරනවා වැඩියි වගේ. කමක් නැහැ. ආදරය කියන්නෙ කොයි තරම් කතා කලත් තවත් ටිකක් කතා කරන්න ඉතිරි වෙන සුන්දර මාතෘකාවක්නේ... අනෙක් එක අපි හැමෝම ආදරය විඳලා තියෙනවා. තවමත් විඳිනවා. ඉස්සරහටත් විඳිවී... ලෝකය පවතින තුරු එහෙම තමයි. කැමතිනම් ටිකක් මතක් කරගන්නකෝ...

මතකද කවදහරි මොහොතක් ඔයාටම ඔයා විඳින ආදරය විස්තර කරගන්න බැරිවෙච්චි... ආදරය හිතපුරාම විහිදිලා හැම ඉඩක්ම අත්පත් කරගෙන හිතන්නවත්, වචන ගලපාගන්නවත් ඉඩක් දීපු නැති වෙලාවක්... නොහිතපු මොහොතක මග අරින්න බැරි කෙනෙක් "ඔයා මට කොයි තරම් ආදරයිද..." කියලා අහපු වෙලාවක්... නැතිවෙන්න විදිහක් නැහැ.

ආදරය හා ගීතය කියන්නෙ කොයි තරම් හැඟුම්බර එකමුතුවක්ද.. ඉවසීමෙන් තෝරාගත්තු වචනයෙන් වචනය එකතු කරලා සිත්තම් කරපු පද වැලකට සත්සර කියන වර්ණයන් එකතුවෙලා ඇදෙන සොදුරුතම සිතුවමකින් ආදරයක දිග පළල කියවෙනකොට කොයි තරම් චමත්කාරද...

අර කියපු ප්‍රශනය මගෙන් අහපු වෙලාවක මමත් අසරණ වුනා. නමුත් ඒ වෙලාවේ මගේ පිහිටට ගීතයක් උන්නා. අහලා බලන්නකෝ...



අඩුම ගානේ 1985 ටවත් කලින් ඉපැදුනු අයට "ගංගා නිස්සංක" හොඳට මතක ඇති. නාට්‍යය මතක නැති වුනත් මේ ගීතයනම් අනිවාර්යෙන්ම මතක ඇති. හරිම ළයාන්විත ගීතයක්... නෙතු පියවෙන්නෙ ඉබේටමයි...


තවත් කාරණා දෙකක් නොකියාම බැහැ. මම මේ ගීතයට කොයි තරම් ආසාකලත් මා ගාව මේ ගීතය තිබුනේ නැහැ. අන්තිමේදි මට මේ ගීතය හොයලා දුන්නෙ එලකිරි එකේ සුරංග. ඒ වෙනුවෙන් මම සුරංගට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

අනෙක් කාරණය මම මේ උඩ ෆොටෝශොප් එකට යොදාගෙන තියෙන සිංහල ෆොන්ට් එක ගැන. ඒක මම සෑහෙන කාලයක් තිස්සෙ හොයපු එකක්. කොච්චර හෙව්වද කිව්වොත් ඇත්තටම අන්තීමේදී හොයන එක අත ඇරලා දාලා හිටියේ. ඒත් කොහොම හරි ගිය සතියෙ සීගිරී එකේ හිතමිතුරු කියලා මිත්‍රයෙක් මට ඒ ෆොන්ට් එක හොයලා දුන්නා. ඔහුනම් ඇත්තටම හිතමිතුරෙක්...


කරදර එනකොට පොදි බැදගෙන එන්නෙ කියන කතාවේ ඇත්ත මමනම් මේ දවස් ටිකේ හොදටම අත් විදිනවා. කොම්පියුටර් එකේ මදර් බෝර්ඩ් එක පිච්චුනා. වැස්සට ගෙට වතුර දානවා. වතුරේ ඉදලා දැන් නහයත් බුරුල් වෙලා. ප්‍රශ්න වැලයි...

කොහොමෙන් කොහොම හරි මුල් ප්‍රශ්නය විසදා ගත්තා ඊයේ දවසේ. ආයෙමත් කොම්පුටර් එක වැඩ. ඒත් තිබුනු වැඩසටහන් මුකුත් නැහැ. තියාගෙන හිටිය සෙටප් ෆෝල්ඩර්ස් ටිකත් ෆෝර්මැට් කරද්දී නැතිව ගිහිල්ලා. හැම එකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එකත් වැඩකරන හොර කොපි හොයාගන්න ඕනෙනේ. නැතිව ඔරිජිනල් ගන්න සල්ලි තියෙනවා කියලයෑ...

~ ~ ~ ~


මේ මැයි මාසය... ගිය අවුරුද්දෙ මැයි මාසය ශ්‍රී ලාංකිකයෝ වෙච්චි අපිට අමරණිය මාසයක්. අවුරුදු විසි ගානක් තිස්සෙ තිබිච්චි කාලකණ්නි යුද්ධය පටන් ගත්තු, මෙහෙයවපු උන්මත්තකයා අපේ කොල්ලෙක්ගේ වෙඩි පාරකින් මැරිලා වැටුනා. ඒ මානසික අසහන කාරයගේ මරණයත් එක්ක තිබිච්චි හැම ප්‍රශ්ණයක්ම නොවිසදුනත් රට ආපස්සට ඇද ඇද හිටිය මහා නාස්තියක් නවතුනා...

ඒ අවසන් මොහොත වෙනකම් අපේ වීරෝධාර කොල්ලො ටික ආපු ගමන ගැන මුලු ලෝකයම තාමත් පුදුම වෙනවා. තමන් අත ගහපු හැම යුද්ධයක්ම අනාගන්න කොට ලෝකේ සිතියමේ වැරදිලා වැදිච්චි පෑන් තිතක් වගේ රටක ඉන්න කොල්ලෝ ටිකක් මෙච්චර වික්‍රමයක් කලාද කියලා උන්ට තාමත් ඇස් අදහා ගන්න බැහැ. කොටින්ගේ ඩයස්පෝරාව මවලා තිබුනු "LTTE එකකාටවත් පරද්දන්න බැහැ" කියන බොරු ප්‍රතිරූපය සුනු විසුනු වෙලා යනකොට උන් කොච්චර දේවල් කලාද මේ ගමන නවත්තන්න. ඒත් අපේ කොල්ලෝ නෙවෙයි සැලුනේ...

ඒ අභීත විරුවන්ට අපේ ගෞරවය හිමි වෙන්න ඕනේ. අපි හිනා වෙන්නෙ, අපේ අම්මලා තාත්තලා හිනා වෙන්නෙ, අනාගතේ ඉපදෙන අපේ දරුවෝ හිනා වෙන්නෙ ඒ සොයුරු සොයුරියන් ඒ දවස් වල කරපු කැප කිරීම් හින්දයි.

සොයුර... උඹට ජාතී ජාතිත් පින්....


ජීවිතය කොච්චර ලස්සනද... පුදුමාකාර සැහැල්ලුවක්...

හැම තිස්සෙම හිනාවෙනවා. ඉදලා හිටලා අඩන වෙලාවලුත් නැත්තෙ නැහැ. ඒත් ටික වෙලාවයි. ඊට පස්සෙ ඇඩුව ටිකටත් හරියන්න හිනා වෙනවා. ආදරය පිරිලා. යාලූවෝ පිරිලා. කට්ටියම එකතු වෙලා දවසින් දවස ගෙවා දානවා. ගෙවන හැම මොහොතකම සොදුරු මතකයන් එකින් එක ඇමිනිලා ලස්සන කතාවක් ගෙතෙනවා...

බලාපොරොත්තු එකින් එක ඉටු වෙනවා. ඒ වෙනුවට අලුත් අලුත් බලාපොරොත්තු සිය දහසක් සිත් යායට රිංගනවා. සැකයක් නැහැ. ඒ සියල්ලත් ඉටු වෙනවා. අහසේ පාවෙන වළාකුලකුයි මාවයි තරාදියක දාල කිරලා බලන්න. සත්තයි ! වලාකුලේ පැත්ත පහතට ගිහින් මගේ පැත්ත උඩට යාවී...




අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. නන්දා මාලිනියන්ගේ ගීතයක්. සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද රචනයක්. මෙම ගීතය ඇතුලත් වෙලා තිබුනේ 1976 දී තිරගත වෙච්චි "දියමන්ති" කියන චිත්‍රපටයේ. වාණිජ මෙන්ම විචාරක අතිනුත් ඉතා සාර්ථක වුනු දියමන්ති ශ්‍රී ලාංකීය චිත්‍රපට සංගීතයේ රන් සළකුණක්. මේ ගීතයත් එක්ක වික්ටර් රත්නායකයන්ගෙ "ගිගිරි ගීත රාවේ" කියන ගීතයත් ඇතුලත් වෙලා තිබුනු මෙම ච්ත්‍රපටය ඩී.ආර්. පීරිස්ගෙ සංගීත කර්තව්‍යයක්.

සිය දහසක් කවියෝ ආදරය ගැන කවි ලියලා ඇති. සිය දහසක් කතුවරු ආදරය ගැන නවකතා, කෙටි කතා ලියලා ඇති. ඒ අය සිය දහසක් විදි වලින් ආදරය විස්තර කරලා ඇති. ඒත්...

ආදරය ගැන කවි තාමත් ලිය වෙනවා. ආදරය ගැන කතා පුවත් තාමත් ලියවෙනවා. මට හිතෙන්නෙ මේ ලෝකෙ මිනිස් සංහතිය පවතිනකම්ම ඒක එහෙම්ම වෙවී. ආදරය කියන්නේ ඒ තරම්ම සුන්දර හැඟීමක්. මතක් කරලා බලන්න. ආදරය විදිනවා කියන්නෙ කොයි තරම් සොදුරු අත්දැකීමක්ද...

මෙන්න එවන් හැඟීමක් අකුරු වලට පෙරළන්න මම දරපු උත්සහයක්... කියවලා බලලා හිතෙන දෙයක් කියලා යන්නකෝ...


හැම ආදර කතාවක්ම අලුත් ආදර කතාවක්... හැම ආදර කතාවකම අලුත් හැඟීම් ගොන්නක්...






~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails