..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...



ආදරය... හම්ම්.. චන්ඩියා වගේ පටන් ගත්තට කොහොමද විස්තර කරන්නෙ. මම ආදරය දැකලා තියෙනවා. ආදරය කරලා තියෙනවා. ආදරය විදලා තියෙනවා. ඒ වගේම නැති කරගෙනත් තියෙනවා. ඒ මොනවා වුනත් ජීවිතෙ හැම මොහොතකම මොනම හරි එක්කෙනෙකුට හරි කට්ටියකටම හරි මගේ හිතේ ආදරයක් තිබුනා. අම්මලට, යාලුවන්ට, කාලෙන් කාලෙට හිටිය ගැහැණු ළමයින්ට... අනේ මන්දා, ඔයාලටත් එහෙමද කියලා... මම හිතන්නෙ එහෙමයි.හිතක කොයිම විදිහකවත් ආදරයක් නැති මනුස්ස ප්‍රාණියෙක් ගැන මට හිතන්න ටිකක් අමාරුයි.

මේ නිර්මානය කලේ ටික දවසකට කලින්. හරියටම දිනය නම් මතක නැහැ, ඒත් මේ අවුරුද්දෙ ආදරවන්තයින්ගෙ දිනය දවසේ හරි ඊට ලඟ දවසකදී. ඔයාලටත් අමතක නැතිව ඇතිනේ ඒ කාලෙට අපේ බිස්නස් කාරයෝ කොච්චර හරියක් කරනවද කියලා "ආදරය" විකුණගන්න. ඒ අය කියන විදිහට එදාට රුපියල් දාහක් දෙදාහක් වටින, ඒත් ගාන කීයක් වුනත් හවස් වෙද්දී පරවෙන, රෝස මලක් ගෙනිහින් දුන්නෙ නැත්නම් අවුරුදු ගානක ආදරයක් වුනත් වැඩක් නැතිව යන්න පුළුවන්. අඩුම ගානේ එ කට්ටිය රෝස මලිකින් වත් නවතිනවානම් මදෑ...

මුලින් මම කිව්වා වගෙ අපි ඉපදුනු මොහොතේ ඉදලා මැරෙන මොහොත වෙනකම් හුස්ම ගන්නවා වගේම කාටහරි ආදරයත් කරනවා. ඒත් ඇයි එහෙනම් ආදරය කරන්න එක දවසක් විතරක් වෙන් කරන්නෙ...


12 හිත මිතුරු කතා බහ:

කතාවනම් ඇත්ත. මොන දේ තිබ්බත් ආදරය නැත්තන් මේ ජීවිතයෙන් මොකටද

@ හසිත. ඔව් හසිත. ඉපැදිච්චි අපිව ජීවත් කරවන්නේ ආදරයයි.

බොහොම අමාරුවෙන් ම්න්දද ගෙ blog එක සොයා ගත්ත. ම්න්දද කියන්නේ ආදරේ පතුරන කෙනෙක් නෙ. ඊතල ටිකයි දුන්නයි අරන් හැමතැනම ආදරේ බෝකරන්නෙ මින්දද තමයි. ඉතින් ආදරේ ගැන ඔයා දරන අදහස අපි කාටත් පොදුයි. ඔබට ජය ... දිගටම ලියන්න.

හොඳට හිතල බැලුවොත් තේරේවි අපි ආදරේ කරන්නෙ අපිට ආදරේ ඕන නිසා කියල...
අම්මගෙ තාත්තාගෙ ආදරේ වුනත් පෙරලා නැවත ආදරයක් බලාපොරොත්තු වෙනව. හැබැයි අම්ම තාත්තා අපිට කරන ආදරේ අනිත් ආදර වලට වඩා ගොඩක්ම ත්‍යාගශීලී... පිරිසිදුයි. ඉල්ලීමි විරහිතයි. අසීමිතයි... අනිත් ආදර නම්....

@ Wath : ඔව් වත් මමත් ඔයා එක්ක එකඟයි. අම්මා තාත්තා එක්ක කරන ආදර ගනුදෙනුව ඇරෙන්නට අනෙක් හුඟක් ආදර කතාවන් වල දෙපැත්තක් තියෙනවා. ඒ එක පැත්තක හරි ප්‍රශ්නයක්, අඩුවක් ඇති වුනාම තමයි ඒ ආදර කතාවන් විරහ කතාවන් බවට පත් වෙන්නෙ.

ඔයාගෙ දිරි ගැන්වීම් වලට ගොඩක් ස්තූතියි. මින්දද කියන්නෙ මගේ නම විතරයි...

ආදරයේ විවිධ පැතිකඩ තිබෙන බව මතක් කළාට ස්තුතියි මල්ලියා... ඔබට ජය

u know mindada
jeewat wela inna ayawa marawanet a adarema tamai....

a wagema minissunat jeewite epa karawannat me adareta puluwan
adare sundarai wagema asundara wena welawalut godak tiyenawa

හ්ම්ම්....අපි මේ ජීවිතේදී ඔහොම අපේ ලගින්ම ඉන්න අයට කියලා ඇත්ද?මටත් මතකයි මමත් චූටී කාලේදි අපේ අම්මාට ඔහොම කියලා තියනවා...

ඒ වගේම දැන් මම ගොඩාක් ආදරය කරන කෙනෙක් ඉන්නවා.එයාටත් මම මගේ ජීවිතයටට් වඩා ආදරෙයි කියලා තියනවා ..

ජීවිතය ඇත්තටම ලස්සන වෙන්නේත් ඒ අපි ආදරය කරන අය ලගින්ම ඉන්නකොට නේද කියලා මට දැන් ගොඩාක් දැනිලා තියනවා.

හරිම ලස්සන නිර්මාණයක් මින්දද අයියේ... :)

@ චතුර : ඔව් අයියේ.. ආදරය කියන්නෙ හරිම සුන්දර දෙයක්.. මොන විදිහෙන් කලත්...

@ thilini : mama piligannawa oya kiyala thiyene deya. ath tikak hithalaa balanna. a wage welawakin midhila aayemath hina wennath paara kapanne thawath aadharayakmayi...

@ ඇන්ජලා : ඔව් නංගියා... උපන් මොහොතේ ඉදලා අපි මැරෙන මොහොත වෙනකම් අපි කාටහරි ආදරය කරනවා. සමහර අය අප් ළඟින්ම ඉන්න අය. ඒ වගේම සමහර අය ගතින් අපේ ගාව නැති උනත් අපේ සිත් ගාවින්ම ඉන්න අය.

ඔයාලා දෙන්නටම සුබාසිරි !

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails