අපේ හිත කියන්නෙ හරිම අමුතු දෙයක්. ඒ හිත වෙලාවකට අපිව හිනස්සනවා. වෙලාවකට අඩවනවා. අපි රහත් වෙලා නැහැනේ. ඉතින් කොහොමද අපි අපේ හිත් පාලනය කරගන්නේ...
මතකයන්... අපේ හිත හැදිලා තියෙන ප්රධාන සංඝටක දෙකෙන් එකක්. [අනෙක් එක තමයි සිතුවිලි.] මතකයන් අපේ හිත ඇතුලට වෙලා අපිට නොදැනෙන්න ඉන්නවා. සමහර දේවල් මැරෙන මොහොත වෙනකම්ම... එහෙම ඉදලා මොනවාහරි අපි දකින හරි අහන හරි විදින හරි දෙයක් හින්දා අපි හිත්න්නෙ වත් නැති වෙලාවක එකින් එක ගැට ගැහිලා ආයෙමත් එලියට එනවා...
එහෙම එන මතකයන් සුන්දර නම් අපි හිනාවේවී... ඒත් ඒ මතකයන් දුක්බරයි නම්...
~ ~ ~ ~ ~
මනුස්සයෝ උනාම පුළුවන් දේවල් තියෙනවා. බැරි දේවල් තියෙනවා. ඒක සාමාන්යයි. එහෙම තමයි මේ ලෝකය නිර්මානය වෙලා තියෙන්නෙ. අපිට නොතේරුනාට ස්වභාවධර්මයෙන්ම එහෙම නිර්මානය වෙන්න මොකක් හරි හේතුවක් ඇති....
ඒත් අපේ අයියලා ඕකත් තමන්ගෙ වාසියට හරවාගන්නවා. මොකක්හරි හිතලා කරන්න කම්මැලි හිතුනම ඔය කතාව කියලා පැත්තකට වෙලා ඉන්නවා. එදිනෙදා සමාජයේ ඔයාලත් ඕනේ තරම් ඔය වගේ සිද්දි දැකලා ඇති...
ඔයාලා හිතනවා ඇති මම මේ මොකටද මේ වගේ කතාවක් මෙතැන කියන්නෙ කියලා... මේකයි කාරණය. ඇත්තම කියන්න මට සදැස් ලියන්න බැහැ. කාලයක් තිස්සෙ උත්සහා කලා. ඒත් බැරි උනා. ඊට පස්සේ අන්තිමේදි අර කතාව මමත් හිතාගත්තා.
"මට සදැස් ලියන්න බැහැ... දෙයියන් කියලා පුළුවන් දෙය කරගෙන ඉන්නයි තියෙන්නෙ..."
කාලයක් මමත් ඔහොම හිතාගෙන හිටියා. ඒත් පහුගිය දවස්වල ආයෙමත් පොඩි ඇම්මක් ආවා සදැසක් ලියන්න. ඊට පස්සෙ "සදැසක් ලියා මිස මෙතැනින් නොනැඟිටිමි" කියලා හිතාගෙන පහුගිය සතියේ දවසක ලියන මේසේ ගාවින් ඉදගත්තා.
පැය දෙක තුනකුත් ගියා... පිරිලා තිබිච්චි වතුර බෝතලෙත් ඉවරයි... මීඩියා ප්ලේයර් එකේ දාලා තිබුනු සින්දු ටිකත් තුන් හතර සැරයක් රිපීට් උනා... මගේ නිර්මාන වල මුල් පිටපත් තියෙන නෝට් බුක් එකෙත් පිටු තුන හතරක්ම පිරුනා...
ඇති යාන්තම්....
කොහෙමෙන් කොහොමහරි තටමලා තටමලා අන්තීමේදි බබා හම්බ වුනා. ඒක තමයි මේ දැන් ඔයාලත් එක්ක බෙදාගන්නෙ... කියවලා බලන්නකෝ.






