..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...


අපේ හිත කියන්නෙ හරිම අමුතු දෙයක්. ඒ හිත වෙලාවකට අපිව හිනස්සනවා. වෙලාවකට අඩවනවා. අපි රහත් වෙලා නැහැනේ. ඉතින් කොහොමද අපි අපේ හිත් පාලනය කරගන්නේ...

මතකයන්... අපේ හිත හැදිලා තියෙන ප්‍රධාන සංඝටක දෙකෙන් එකක්. [අනෙක් එක තමයි සිතුවිලි.] මතකයන් අපේ හිත ඇතුලට වෙලා අපිට නොදැනෙන්න ඉන්නවා. සමහර දේවල් මැරෙන මොහොත වෙනකම්ම... එහෙම ඉදලා මොනවාහරි අපි දකින හරි අහන හරි විදින හරි දෙයක් හින්දා අපි හිත්න්නෙ වත් නැති වෙලාවක එකින් එක ගැට ගැහිලා ආයෙමත් එලියට එනවා...

එහෙම එන මතකයන් සුන්දර නම් අපි හිනාවේවී... ඒත් ඒ මතකයන් දුක්බරයි නම්...

~ ~ ~ ~ ~

මනුස්සයෝ උනාම පුළුවන් දේවල් තියෙනවා. බැරි දේවල් තියෙනවා. ඒක සාමාන්‍යයි. එහෙම තමයි මේ ලෝකය නිර්මානය වෙලා තියෙන්නෙ. අපිට නොතේරුනාට ස්වභාවධර්මයෙන්ම එහෙම නිර්මානය වෙන්න මොකක් හරි හේතුවක් ඇති....

ඒත් අපේ අයියලා ඕකත් තමන්ගෙ වාසියට හරවාගන්නවා. මොකක්හරි හිතලා කරන්න කම්මැලි හිතුනම ඔය කතාව කියලා පැත්තකට වෙලා ඉන්නවා. එදිනෙදා සමාජයේ ඔයාලත් ඕනේ තරම් ඔය වගේ සිද්දි දැකලා ඇති...

ඔයාලා හිතනවා ඇති මම මේ මොකටද මේ වගේ කතාවක් මෙතැන කියන්නෙ කියලා... මේකයි කාරණය. ඇත්තම කියන්න මට සදැස් ලියන්න බැහැ. කාලයක් තිස්සෙ උත්සහා කලා. ඒත් බැරි උනා. ඊට පස්සේ අන්තිමේදි අර කතාව මමත් හිතාගත්තා.

"මට සදැස් ලියන්න බැහැ... දෙයියන් කියලා පුළුවන් දෙය කරගෙන ඉන්නයි තියෙන්නෙ..."

කාලයක් මමත් ඔහොම හිතාගෙන හිටියා. ඒත් පහුගිය දවස්වල ආයෙමත් පොඩි ඇම්මක් ආවා සදැසක් ලියන්න. ඊට පස්සෙ "සදැසක් ලියා මිස මෙතැනින් නොනැඟිටිමි" කියලා හිතාගෙන පහුගිය සතියේ දවසක ලියන මේසේ ගාවින් ඉදගත්තා.

පැය දෙක තුනකුත් ගියා... පිරිලා තිබිච්චි වතුර බෝතලෙත් ඉවරයි... මීඩියා ප්ලේයර් එකේ දාලා තිබුනු සින්දු ටිකත් තුන් හතර සැරයක් රිපීට් උනා... මගේ නිර්මාන වල මුල් පිටපත් තියෙන නෝට් බුක් එකෙත් පිටු තුන හතරක්ම පිරුනා...

ඇති යාන්තම්....

කොහෙමෙන් කොහොමහරි තටමලා තටමලා අන්තීමේදි බබා හම්බ වුනා. ඒක තමයි මේ දැන් ඔයාලත් එක්ක බෙදාගන්නෙ... කියවලා බලන්නකෝ.


13 හිත මිතුරු කතා බහ:

ela ela. dhigatama liyamu

උත්සාහය බෙහෙවින් සාර්ථකයි කියලා හිතුනා සඳැස කියෙවුවහම.

මතක පිළිබඳ සටහනත් සිත් ගත්තා.

ම් ම් ම් ........ සදැසැක් ලියන්න මටත් ආසාවක් ඈති වුනා...

නිදහසට; හොඳා හොඳා මචන්... ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට...

රවෙන්ට; ගොඩාක් ස්තූතියි රවෙන් දිරි ගැන්වීමට... මහන්සි වෙලා කරපු දෙයක් ඇගයෙනකොට හිතට හරි සතුටුයි...

වත් අක්කට ; ලියන්න.. ලියන්න... අපිත් එනවා බලලා යන්න. අනිවා. ඩෙෆා.

නියමයි අයියෙ......මාත් කාලයක් තිස්සෙ ඔය වැඩේ කරන්න ට්‍රයි කලා ඒත් හරි ගියෙ නෑ.ආයි පොඩි ට්‍රයි පාරක් දාල බලන්න ඕන......ඒක නෙමෙ අයියෙ ඊලග පාර වැඩිය තටබන්න එපා(හි හී)....ඉබේම එන්න දෙන්න එතකොට තවත් හොද නිර්මාණ බිහිවෙයි.ඔයාට දිගටම ලියන්න සුබ පතනවා

හසිතට ; නැහැ මල්ලියා... වෙලාවකට තාලෙට ගැලපෙන වචනේ එන්නෙ නැහැ. වචනේ ආවහම අර්ථය වෙනස් වෙනවා. එතකොට ඉතින් තටමන්න වෙනවා. මට එවෙලේ හිතුනා ඔය හිටිවන කවි කියන අයට පුදුම දක්ෂතාවයක් නේද තියෙන්නෙ කියලා...

මල්ලී, කෙටි පද පේලිය විශිෂ්ඨයි. අපූරු ලස්සනක්, ගැලීමක්, තාලයක් තියෙන්නෙ. නැවත නැවත කියවන්න පෙරැත්තයක් ඇති වෙන්වා. ඔබේ උත්සාහය සාර්ථකයි.

ඔබේ සටහන නොකියවා කව්පද විතරක් ම රසවිඳ ඉවත් වෙනවා නම් මගේ සටහන වෙන්න තිබුනේ උත්සාහ ගතහොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා...

මෙ පදපෙල කියවූ මා සිත මාස ගානකට පෙර කියවූ ඔබේ ම සටහනක් කරා ආපස්සට ගියා...

...මාත් කැමැතියි සදැසක් ලියන්න... ඒත් අර්තයක් දෙන්න බැරි තැන අතැර දානවා... ඔබ මෙවැන්නක් ලීවෙ "කවිපියසේ" සොයුරියකගේ නිර්මාණයක් (මතක හැටියට "චිත්ත සුන්දරිය")අගයමින්.

ඔබේ පසුවදන සියල්ල සවිස්තර කරයි. එයයි අධිෂ්ඨානය! කවදාවත් වැටුනා කියා අත හැර දාන්න හොඳ නැහැ. ජීවිතය කියන්නේ වැටී වැටී නැගිටීමයි. පෑගී පොඩිවී ගියත් නැවත මතුවිය යුතුයි (අවිහින්සාව තුලින්)- එයයි චූටි වානේ දඟරයක් Spring අපට කියාපාන පාඩම.

ඔබේ සටහනින් ගෙනෙන පණිවිඩයේ ගැඹුර හා ප්‍රායෝගික සත්‍යය ගෙනහැර දක්වන්න ගත් උත්සාහය අගේය.

ජය.

ඩීන් අයියට ; ඉස්සෙල්ලම අයියගේ දහසක් වැඩ අතරේ වෙලත් මේ තරම් සවිස්තරාත්මක, මගේම අයියා කෙනෙක් කරනවා වගේ අවවාදාත්මක අදහසක් පල කලාට අයියට ස්තූතියි.

ඔව් අයියේ... ජීවිතය කියන්නෙ ඒක තමයි. වැටෙන්න වැටෙන්න නැගිටින්න ඕනේ. කවියක් ලියනවා කියන්නෙ සමහරවිට අපි ජීවිතේ කරන කියන දේවල් අතරින් පුංචි දෙයක් වෙන්න පුළුවන්. ඒත් මම එහෙම හිතලා ඒක අත ඇරලා දැම්මනම් අද මේ නිර්මානය නැහැ. නිර්මානය අවසන් වුන මොහොතේ ඉදලා මෙතෙක් වෙනකම් මා ලබන අප්‍රමාණ සතුටත් මට නැතිව යනවා.

චේජනාගෙ "මඩ" නිර්මානයට මම කියපු කතාවක් මතක් වුනා. නිකන් ලැබෙන දේට වඩා කට්ට කාලා ලබන දේ රහ වැඩියි. අයියේ, ජීවිතය වෙනුවෙන් කට්ට කන්න මම ලෑස්තියි...

ඒ ගමනට අයියලා වගේ අයගේ උදව්, දිරි ගැන්වීම් වගේම මග පෙන්වීමනුත් සෑහෙන්න වටිනවා.

අයියටත් ජය !

මින්දද

අඳුර හරිනා
ලෙලෙන පහනා
ලෙසින් ගැයෙනා
කවිය අගනා

මටද දැනෙනා
තනිය මකනා
කවිය ලෙසිනා
සිතුම් ගැයෙනා

සොඳුරු සිතිනා
ගත් විරියෙනා
සිතුම් අගනා
කවිය වී ඇසුනා

චේජනාට.. ස්තූතියි චේජනා. රෑ වෙද්දි ගැලපෙන වචන ටිකක් හිතට එයි කියලා හිතාගෙන ටිකක් වෙලා පහු කලා රිප්ලයි කරන එක. ඒත් හරි ගියේ නැහැනේ...

අපූරු ලස්සන නිර්මාණයක්....

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails