..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...


ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් අද කාලේක හිටියනම් කාගේ කාගෙත් අතේ තියෙන මොබයිල් ෆෝන්ස් ටික දැකලා ෂුවර් එකටම හිතේවී...

"අප්පට සිරි ගජ ! කාලෙකට ඉස්සර මම හොයාගත්ත භාණ්ඩෙද මේ මුන් හැම එකාම සාක්කුවේ දාගෙන යන්නෙ..." කියලා.

ඒ තරමටම දුරකතනය කියන උපාංගය අද පරිණාමය වෙලා. ජංගමයගේ සොයා ගැනීමත් එක්ක අවුරුදු පහ හයකටත් ඉස්සර සුඛෝපභෝගී භාණ්ඩයක් කියලා සළකපු දුරකතන අද කාගේ අතෙත් තියෙන අත්‍යාවශ්‍යය භාණ්ඩයක් වෙලා. ඒ මදිවට අතේ තියෙන්නෙ ෆෝන් එකක්ද නැත්නම් ටීවී එකක් හරි කොම්පියුටරයක්ද හරිද කියලා හිතෙන තරමටම අලුත් අලුත් කෑලී බෑලි හැමදාම එකතුත් වෙනවා...

ජංගමේ දියුණුවත් එක්ක සිද්ද වෙච්චි තවත් දේවල් තියෙනවා. ඔයාලා දන්නවද... ඒ තාක්ෂණයේ සිද්දවෙච්චි සීග්‍රගාමී වර්ධනය කාර් මාර්කට් එකටත් ඉතා තදින් බලපෑවා...

ඕනේ වෙලාවක, ඕනේ විදිහකට කතාබහ කරන්න පුළුවන් හින්දා හොඳට වචන පාවිච්චි කරන්න දන්න අය ලියකියවිලි හදන්නත් කලියෙන් අලුත් කිරි කිරි කාර් එකේ වටයක් දෙකක් ගහන්න චාන්ස් එක හදාගන්නවා. ඔය රවුමක් ගහන වෙලාවක මොනවාහරි පොඩි මිස් එකක් ගිහිල්ලා කාර් එකේ පලුද්දක් ඇති උනොත් බඩුම තමයි... කාර් එක සෙකන්ඩ් හෑන්ඩ් ගාණට තමයි දෙන්න වෙන්නේ. ඒකටත් ඉතින් බයර් කෙනෙක් සෙට් වෙන්න එපැයි....

හැබයි දැන් දැන් තියෙන ට්‍රෙන්ඩ් එක තමයි සෙකන්ඩ් හෑන්ඩ් කාර් වලටත් මාර්කට් එකක් හැදීගෙන එනවා. කට්ටිය කියන්නෙ "මචං හිමින් පදින්න ඕනේ කියලා දෙයකුත් නැහැ... එහෙන් මෙහෙන් ඇඹරෙන්න ඕනේත් නැහැ. ඇන්ජින් එක සීසන් වෙලා තියෙන එකේ ගත්තා ගියා විතරයිනේ" කියලා. ඒත් මටනම් හිතෙන්නෙ අලුත් කාර් එකක තියෙන අලුත් සුවඳ ඔය සීසන් වුනැයි කියන කාර්වල නැහැ...

ඒ හින්දා ට්‍රයල් යන්නම ඕනේනම් විශ්වාසවන්න බයර් කෙනෙක් එක්ක ට්‍රයල් යනවානම් හොඳයි... එහෙම නැතනම් මුලු ජීවිත කාලේටම බයර් කෙනෙක් හොයාගන්න බැරිව කාර් එක ඕපන් පේපර්ස් තියාගෙන ඉන්න වේවී...

(ප.ලි : සමහරවිට බෙල් මහත්තයට "අප්පට සිරි ගජ" කියලම හිතෙන්නෙ නැතිවෙයි. මොකද මිනිහා ලංකාවේ පොරක් නෙවෙයිනේ...)


වෙලාව හයයි. සුදුගේ පන්ති අරින වෙලාව. මම ජනෙල් රෙද්ද මෑත් කරලා ටිකක් එලිය බැලුවෙ කඩේක බෝඩ් එකකින්වත් ඉන්නෙ කොයි හරියෙද කියලා බලාගන්න. ඒත් බස් එකේ ජනෙල් කලුකරලා. මෙලෝ දෙයක් පේන්නේ නැහැ. ගස් කොලන් වලින් වංගු වලින් ඉන්න හරිය හිතාගන්න හැමදාම යන එන පාරවල්යෑ මේවා


කෑගල්ල බහින අය ඉස්සරහට එන්න…” හොද වෙලාවට කොන්දොස්තර මිනිහගේ කැසට් එකේ ඊලග සින්දුව කිව්වා. අපි කෑගල්ලේ.


මම සුදු දිහා බැලුවා. හොදටම නිදි. පොඩි එකෙක් වගේ. අද දවස පුරාවටම මට තෑගි කරපු හිනාවේ ඉතිරි වෙච්චි ටිකක් ද කොහෙදෝ තාමත් ලාවට මූණේ


නැගිටින්න පැටියෝවෙලාව හයයි


හම්ම්…” ඇරපු ඇස් ආයෙමත් පියාගත්තෙ බල බල හිටිය හීනේ තාම මතු සම්බන්දයිකියලා දැම්මෙ නැද්ද කොහෙද...


තව පැය එක හමාරක් වත් යාවී කොළඹට යන්න. ඒ කියන්නෙ ගෙදර යන්න අට හමාරවත් වේවී සුදු…”


හොරාට වහගෙන හිටිය ඇස් දෙක ඇරියේ එලිය බලාගෙනමයි. නින්ද ගිය අතරේ එහා පැත්තට පෙරළිලා තිබුනු පොත් බෑග් එක තුරුලු කරගත්තු සුදු ආයෙමත් මගේ පැත්තට හැරිලා ජීවිත කාලෙටම ලියලා දීපු අයිතිවාසිකමට මගෙ පපුවට ඔලුව තියාගත්තා.


කමක් නැහැඔයා ඉන්නවනේ…”


කවුද මේ පුංචි කෙල්ලට මේ තරම් ආදරය කරන හැටි කියලා දුන්නෙමම මගේ ආදරයේ ගුරුතුමියගෙ මූණ නිකටෙන් අල්ලලා හිමින් සැරේ උඩට ඉස්සුවෙ ඒ ඇස් දෙක දිහා ටිකක බලන් ඉන්නයි. ඒ ඇස් දෙකෙන් මාව දකින්නයි


මාව ඉන්ටර්විව් එකට කතා කරපු දවසෙමයි සුදුට ඕනේ උනේ මගෙ පලවෙනි පඩියෙන් නුවර යන්න. අරුණියි මලින්තයි වගේ නුවර යන්නඒක කාලෙක ඉදලා තිබණු ආසාවක්. ඒත් දෙන්නගෙන් එක්කෙනෙක් අතේවත් මේ වගේ ගමනක් එන්න තරම් සල්ලියක් තිබුනෙ නැහැ. ගිය සතියෙ පඩි හම්බ වුනා. ඉතින් අද අපි නුවර ආවා. සුදූ නම් ඊලඟ මාසෙත් එනවලු


වරකාපොළ බහින අය ඉස්සරහට එන්න…”


අමතක කරන්න, කතා නොකර ඉන්න හැදුවත් එහෙම කරන්න බැරි මාතෘකාවසුදුගේ අම්මලා !


අම්මලට මොකද කියන්නෙපරක්කු වුනේ ඇයි කියලා ඔයාගෙන් දාහක් ප්‍රශ්න අහාවී…”


මම බලාන ඉන්නවා වුනත් සුදු ඇස් දෙක පියාගත්තා. ඔලුව කෙලින් කරාන ඇඟිලි තුඩෙන් ජනෙල් රෙද්ද මෑත් කරලා වේගෙන් පහු වෙන නේක වර්ණ ගස්වැල් මිනිස්සු දිහා බලන් හිටියා.


අනේ මට සමාවෙන්න පැටියෝ මේ වෙලාවේ මේ ප්‍රශ්නය ඇහුවට…. මගෙ මිට මෙලවුනා.


කමක් නැහැඔයා ඉන්නවනේ…”


දවසක් අපි දෙන්නා මහරගම හන්දියේ හම්බවෙලා කතා කර කර ඉන්නවා දකපු සුදුගේ අම්මගෙ යාලුවෙක් තව කෑල්ලකුත් එකතු කරලා සුදුගේ ගෙදරට පනිවිඩය දීලා තිබුනා.


සුදර්ශනි හන්දියේදි මින්දිකගෙ අතින් අල්ලගෙන කතා කර කර හිටියා


තව දවසකුත් දැක්කා කියන්න පනිවිඩය කියන්න ආපු වෙලාවක ඒ ඇන්ටිත් ඉන්න තැනම අම්මා සුදුගෙන් මේ ගැන අහපු වෙලාවේ ඒ කේලම කියන්න ආපු ඇන්ටි දිහා බලාගෙනම සුදු කියලා,


මම මහරගම හන්දියෙ යනකොට එයාගෙ අත අල්ලගෙන යන්නෙ නැහැ. එහෙම යන්නෙ පාර්ක් එකේ විතරයි


එදා අම්මගෙන් වැදිච්චි කම්මුල් පාරට සුදුගෙ තොලත් පැලිලා තිබුනා.


නිට්ටඹුව බහින අය ඉස්සරහට එන්න…”


මම ජොබ් එකක් කරන්න ගත්තට සුදු තාමත් ඉගෙන ගන්නවා. ලබන අවුරුද්දෙ ඒ ලෙවල් කරනවා. අපි දන්නවා අපි දෙන්නා කරන්නෙ වැරද්දක් කියලාඒත් අපේ හිත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ දෙයියනේ


ඉස්සර හැමදාම හවසට මම පාඩම් කරන්නෙ ගත්තේ ගෙවල් දෙකකට එහා ගෙදර හිටිය සුදුව හම්බවෙලා ඇවිදින්දවසක් හරි හම්බ වෙන්න බැරි වුනොත් මම ඔෆිස් එකේ වැඩ කරද්දි හොදටම බුල් ගහනවා කියලා ජොබ් එකේ පලවෙනි මාසෙම මට තේරුණා. එහෙව් එකේ මම කොහොමද මේක නවත්තන්නෙ


අපි කුලියට ඉන්න ගෙදර අයිතිකාරයෝ සුදුලා. සුදුලගෙ අම්මලා කියන්නෙ මම සුදුව රවට්ටගෙනලු. අපේ අම්මලත් එකට අනුබල දෙනවලු. සුදූගේ අම්මටත් සුදූගෙ වගෙ හිතක් ඇත්නම්


කඩවත බහින අය ඉස්සරහට එන්න…”


පඩි හම්බ වුනායින් පස්සෙ සල්ලි තිබුනත් දෙන්නගෙන් එක්කෙනෙක් වත් බස් එකේ නුවර ගිහින් තිබුනේ නැහැ. දෙන්නම නුවර ගිහින් තිබුනේ ඉස්කෝලෙන් ගිය අධ්‍යාපන චාරිකා වලට විතරයි. අපි දෙන්නත් මෙච්චර කාලෙකට වැඩිම දුරකට ගිහින් තිබුනේ කලුතර බෝධියට.


පඩි හම්බවෙච්චි බදාදා හවස හම්බවුනු වෙලාවෙ සුදු නුවර කතාව මතක් කලා


සුදු, නුවර කලු ද සුදු ද කියලාවත් අපි දෙන්නා දන්නෙ නැහැ. අඩුම ගානේ යාලුවෙක් වත් නැහැ.බය නැද්දඔච්චර දුරක් යන්න…”


මම සුදුගේ උත්තරය දන්නවා.


කමක් නැහැඔයා ඉන්නවනේ…”


බස් එක කැළණි පාලම පහු කලා. සුදු මගෙ දගකාර ඇඟිලි වලට අහුවෙච්චි කොන්ඩේ ලිහලා ආයෙමත් බෝලේ ගහගත්තා. සුදු දන්නවා එයාගෙ ඔලුවෙ තිබුනට ඒ කොන්ඩේ අයිතිකාරයා මම කියලා.


බැස්ටියන් මාවතේ බස් ස්ටෑන්ඩ් එකට හරවලා නුවර බස් එක නැවත්තුවා. අපි දෙන්නා දුවලා ගිහින් මහරගම බස් එකට ගොඩවුනා. දෙන්නම පුරුද්දට වගේ බස් එක පුරාම බැලුවේ අදුරන කවුරුවත් ඉන්නවද කියලා….


මහරගම දෙකයි


සුදු ආයෙමත් නිදි. පැය ගානක් තිස්සෙ නුවර වැව රවුමෙයි, පේරාදෙණිය මල් වත්තෙයි ඇවිදලා මහන්සි ඇතිදවල් දවසටම කෑමක් නැහැ. බීපු පළතුරු බීම දෙක විතරයි. වෙලාව අටයි. අද ගෙදර ගියාම සුදුට මොනවා වෙයිද කියලා හිතෙනකොටත් ගල් රෝලක් තරම් බරක් හිතට එනවා. මම වැරදි කාරයෙක් කියලා හිතෙනවා. ඒත්මම ඔයාට ආදරෙයි සුදුමටත් වැඩිය.


සුදුලගෙ ගේ ගාවට එනකොට අටයි හතලිස් පහයි. ඒ වෙලාවට ආ ගත්තෙත් සල්ලි පස්සෙ දෙන්නම් කියලා අදුරන අයියා කෙනෙකුගෙ ත්‍රීවීල් එකක ගුරුපාරට හැරෙන තැන වෙනකම් ආපු හින්දයි.


හැරෙන වංගුවෙදි මම සුදුට සමු දුන්නා.


අම්මා මොනවා කිව්වත් කමක් නැහැ. හොඳ ළමයා වගේ මොකුත් කියන්නෙ නැතිව අහගෙන ඉන්න ඕනේ හරිද…”


සුදු හිනා වුනා. අඩිය ඉස්සර කරපු සුදු ඇස් දෙකෙන් ගිහින් එන්නම් කියලා ගේට්ටුව ඇරගෙන ඇතුලට ගියා. ගෙදර එලියේ ලයිට් දාලා තිබුනත් දොර වහලා. අම්මයි තාත්තයි ඇතුලේ ඇතිඒත්….


මම අපේ ගේට්ටුව ගාවට එනකොටම සද්දේ ඇහුණා. සුදුලගෙ අම්මයි තාත්තයි අපේ ගෙදර !


ලබන සතියෙම මේ ගෙදර හිස් කරලා ඕනේ. නැත්නම් අපි ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දානවා බලහත්කාරෙන් ඉන්නවා කියලා


මම ගේට්ටුව ඇරන් ඇතුලට ආවා.


ආහ් ප්‍රේම කුරුල්ලාරවුම් ගහලා ආවදතව වැඩි දවසක් ඕවා කරන්න හම්බ වෙන්නෙ නැහැයමු සිරිල් ගෙදර. දැන් අපේ නෑම්ඹිත් ඇවිත් ඇති…”


සුදුගේ අම්මගෙ ගෝරනාඩුව


අපේ අම්මා මගේ ගාවට ආවා.


කොහෙද පුතේ ගියේ…”


අපී ඊලඟ සතියේ සුදුලගේ ගේ අත ඇරලා ආවා. සුදූව මාසයක් විතර පන්ති ඇරියේ නැහැ. තිබුනු එකම හයිය රස්සාව හින්දා බොසාලගෙන් කොච්චර බැනුම් අහුවත් රස්සාවෙන් අස් වුනේ නැහැ.මගේ ජීවිතේ දිගම මාස දෙක….


අම්මගෙ සහචාරියෝ පස්සෙන් එන්නෙ නැහැ කියලා දැනගත්තු පළවෙනි සතියෙම, නුවර ගිය සතියට සති අටකට පස්සෙ ආපූ සතියේ අපි පාර්ක් එකට ආවා.


එදා මොකද වුනේ සුදූ…”


මම මේ ප්‍රශ්නය අහපු තුන්වෙනි වතාව. තුන්වතාවෙම පිහිඹියා ගහට හේත්තු වෙලා මගේ වටේ ඔතාන හිටිය එයාගෙ අත් දෙකෙන් හිරකරගෙන මාව එයා ගාවට තවත් තුරුලු කරගත්තා මිසක් ඇස් දෙකවත් ඇරියේ නැහැ.


අනේ කියන්නකෝ පැටියෝඑදා මොකද වුනේ…”


සුදු ඇස් ඇරියා. මගේ දිහා බැලුවා.


අපි ආයෙත් නුවර යන්නෙ කවදද…”



ඉස්කෝලේ එක වසරේ නැත්නම් දෙක වසරෙදී "නැවතීමේ තිත" කියන විරාම ලකුණ ඉගෙන ගත්තට පස්සේ මෙච්චර කාලෙකට අපි නැවතීමේ තිත් කීයක් තියලා ඇතිද... කාලයක් පොත්වල... දැන් කොම්පියුටරේ... පස්සෙ පස්සෙ කරපු විභාග වලදි ඔය ලකුණ හරියට පාවිච්චි කරනවද කියලත් බැලුවා. සමහර වෙලාවට ඇහට පේන්නෙවත් නැති මේ පුංචි තිතෙන් කෙරෙන හරිය කොච්චරද... ඔහේ ලියාගෙන යන වචන ටිකකට අර්ථයක් ගන්වන්න මේ තිත නැතිවම බැහැ. එක කතාවක් නවත්තන්නේ වගේම අලුත් කතාවත් පටන් ගන්නෙත් ඔය නැවතීමේ තිතෙන් තමයි...

~ ~ ~ ~ ~ ~ ~ ~ ~

මම පොඩි ප්‍රශ්නයක් අහන්නද... ඔබ ඉපදුනු මොහොතේ ඉදලා මැරෙන මොහොත වෙනකම් ගෙවන ජීවිතයේ වැදගත්ම මොහොත කුමක්ද... හම්ම්.. සමහරවිට උත්තර දෙක තුනක් එක පාර හිතෙන්න ඇති. ඒ අතරින් ඔබ විවාහකයෙක් හරි ලඟදි විවාහ වෙන්න හිතාගෙන ඉන්න හරි කෙනෙක් නම් "විවාහය" කියන උත්තරයත් ඒ බහුවරණ ප්‍රශ්නයේ උත්තරයක් විදිහට ඔයාලගේ ඔලුවට එන්න ඇති අනිවාර්‍යෙන්ම. ඇත්තටම විවාහය කියන්නෙ අපි කවුරුත් ජීවිතයට එක පාරක් විතරක් විඳින්න හිතාන ඉන්න, පෙරුම් පුරන අපේ කාගෙත් ජීවිත වල සුවිශේෂි කඩඉමක්... අපි හුඟ දෙනෙක් විවාහයත් එක්ක නිදහසේ පාවෙනවා වගේ ලියාගෙන ආපූ ජීවිත කතාව නවත්තලා යම්කිසි බරක් පතළක් ඇති ජීවිත කතාවක් ලියන්න පටන් ගන්නවා....




මට මතකයි මම කොහේ හරි කියෙව්වා, ආදරයත් තනිකමත් අතර තියෙන්නේ පුංචි දුරක්ලු. ඒ කියන්නෙ ආදරය හින්දම සමහර වෙලාවට අපිට තනිකම විදින්න වෙනවා. එහෙම විදින තනිකම දරාගන්න හරිම අමාරුයි. හරියට එක සැරේ මැරෙන්න නැති උනත් මාරන්තික විෂක් පොවලා මරණවා වගේ අපිව ටිකෙන් ටික විඳවා විඳවා මරණවා.

මමත් ජීවිතේ එහෙම කාලයන් විඳලා තියෙනවා. නමුත් ඒ වෙලාවට මාව තනි නොකරපු මගේ යාලුවෙක් හිටියා. එයාට ප්‍රශ්නයක් නැහැ මම ඉන්නෙ දුකින් ද සතුටින් ද කියන එක. එයා හැම තිස්සෙම මා ගාව. හිත ආදරයෙන් පිරිලා ඉතිරිලා යනකොට වගේම තනිකමෙන් ඒ හිතම මිරිකනකොටත් ඒ හැඟීම් එලියට දා ගන්න, හිත නිදහස් කර ගන්න එයා මට උදව් කරනවා. හරියටම මාව තනි කරලා දාලා ගිය මගේ ගැහැණු ළමයා ආයෙත් ඇවිල්ලා වගේ. ඒ හින්දා මට වෙලාවකට හිතෙනවා මෙයා කෙල්ලෙක් ද කියලත්. එයාට එහෙම කරන්න පුළුවන් කමකුත් තියෙනවා. මොකද ඇත්තටම ඒ ගැහැණු ළමයා මාත් එක්ක කරපු කියපු දේවලුත් මෙයා දන්නවනේ.

ඒ තමයි මගේ කවි සිත... මගේ හැටි, මගේ ඇතුළ ලෝකෙට කියන නාලීකාව තමයි මගේ කවි සිත. කටින් පිටවෙන වචන වලට හරවා ගන්න බැරි හුඟක් දේවල් කොළයක ලියවෙච්චි අකුරු වලට හරවාගන්න මෙයා මට හැම තිස්සෙම මට උදව් කරනවා. ඒ පුදුමාකාර ලෙන්ගතු කමකුත් එක්ක. මම ඒ ලෙන්ගතු කමට හරිම ආදරෙයි. මම තනි නැහැ. මම ජීවත් වෙනවා.




ආදරය... හම්ම්.. චන්ඩියා වගේ පටන් ගත්තට කොහොමද විස්තර කරන්නෙ. මම ආදරය දැකලා තියෙනවා. ආදරය කරලා තියෙනවා. ආදරය විදලා තියෙනවා. ඒ වගේම නැති කරගෙනත් තියෙනවා. ඒ මොනවා වුනත් ජීවිතෙ හැම මොහොතකම මොනම හරි එක්කෙනෙකුට හරි කට්ටියකටම හරි මගේ හිතේ ආදරයක් තිබුනා. අම්මලට, යාලුවන්ට, කාලෙන් කාලෙට හිටිය ගැහැණු ළමයින්ට... අනේ මන්දා, ඔයාලටත් එහෙමද කියලා... මම හිතන්නෙ එහෙමයි.හිතක කොයිම විදිහකවත් ආදරයක් නැති මනුස්ස ප්‍රාණියෙක් ගැන මට හිතන්න ටිකක් අමාරුයි.

මේ නිර්මානය කලේ ටික දවසකට කලින්. හරියටම දිනය නම් මතක නැහැ, ඒත් මේ අවුරුද්දෙ ආදරවන්තයින්ගෙ දිනය දවසේ හරි ඊට ලඟ දවසකදී. ඔයාලටත් අමතක නැතිව ඇතිනේ ඒ කාලෙට අපේ බිස්නස් කාරයෝ කොච්චර හරියක් කරනවද කියලා "ආදරය" විකුණගන්න. ඒ අය කියන විදිහට එදාට රුපියල් දාහක් දෙදාහක් වටින, ඒත් ගාන කීයක් වුනත් හවස් වෙද්දී පරවෙන, රෝස මලක් ගෙනිහින් දුන්නෙ නැත්නම් අවුරුදු ගානක ආදරයක් වුනත් වැඩක් නැතිව යන්න පුළුවන්. අඩුම ගානේ එ කට්ටිය රෝස මලිකින් වත් නවතිනවානම් මදෑ...

මුලින් මම කිව්වා වගෙ අපි ඉපදුනු මොහොතේ ඉදලා මැරෙන මොහොත වෙනකම් හුස්ම ගන්නවා වගේම කාටහරි ආදරයත් කරනවා. ඒත් ඇයි එහෙනම් ආදරය කරන්න එක දවසක් විතරක් වෙන් කරන්නෙ...



"හිතේ සතුට..." අපි හැම දේම කරන්නෙ මේ දේ ලබාගන්නනේ. සමහර අය හොඳින් සතුට ලබා ගන්නකොට සමහර අය නරක, කොට පාරවල් වලිනුත් ගිහින් සතුට හොයාගන්නවා. ඒ මං හිතන්නෙ හුඟ දෙනෙක් හිතනවා සතුට කියන්නෙ සල්ලි කියලා. ඇත්තටම ඒක එහෙමද.... මං හිතන්නෙ නැහැ.


දුප්පත් උනත් සතුටින් ඉන්න අය කොච්චර ඉන්නවද... දවස තිස්සෙ මහන්සි වෙලා හම්බකරගත්තු දෙයක් අඹු දරුවෝ එක්ක බෙදා හදාගෙන කාලා පැදුරට වැටෙන ඒ මනුස්සයන්ට රෑට හොඳට නින්ද යනවා. ඒ අයගෙ ලෝකය පොඩියි. අල්පේඡ්චයි.අර සෝමතිලක ජයමහ ගේ ගීතයකුත් තියෙන්නෙ. කට්ටිය අහලා ඇතිනේ නේද...

අනෙක් එක අපේ පොඩි ඇත්තෝ... පොඩ් ඇත්තෝ කොයි වෙලාවේ බැලුවත් හිනාවෙන්න ඒ අය මහලොකු සල්ලිකාරයෝද.. තාත්තගෙ අම්මගේ පඩි පතේ ගාන ඒ අයට අදාල නැහැ. ඒ අය වගේම ඒ හිනා පොඩිත් අව්‍යාජයි. හදවතින්ම එන සතුටට කට පුරා හිනාවෙනවා මුලු ලෝකෙටම පේන්න.කොයි තරම් සුන්දරද... ලොකු උදවිය ලක්ෂ ගණන් වියදම් කරලා හොයාගන්න හිනාව ඒ අය ලඟ ඕනෑ තරම් තියෙනවා.


තව පැය කීපයකින් අලුත් අවුරුද්දක් ලබනවා. කැමති නම්, ඕනෙ නම් හැම දෙයක් ගැනම අලුතින් හිතන්න, අලුතින් පටන් ගන්න හොඳ කඩඉමක්. අලුත් අවුරුද්දට කට්ටියටම සුබ පතන ගමන් පුංචි කතාවකුත් කියන්න ඕනෙ කියලා හිතුනා.


සිංහල, හින්දු ඔයාලා කාගෙත් ගෙදර අවුරුද්දට ගේ මැද්දෙ නැකතට ගිනි මොළවලා කිරි උතුරනවනේ. අපේ ගෙදරත් එහෙමයි. අම්මා ඔය වැඩේට මුල් උනාට අපිත් ගිහින් දර කෑලි, හනසු කෑලි එහෙම ගල් තුනේ ලිපට දානවා. තව ගින්දර අඩු වේගෙන වගේ එනවා නම් නැමිලා හුළනුත් ගහනවා.

ඔන්න ඉතින් ගිය අවුරුද්දෙ ඔහොම කරන්න ගිහින් මගේ ඇහැට දුම් වැදිලා කදුළු ආවා. අපෙ අම්මා මේක දැකලා මගේ කදුළු පිහදාන ගමන් ලස්සන කතාවක් කිව්වා. "කිරි උතුරන්න නම් ගින්දර පත්තු කරන්න ඕනෙමයි". ඒ වචන පෙලේ යටින් ඇති අර්ථය කොයි තරම් ගැඹුරුද... ඒක තමයි මට ගිය අවුරුද්දට ලැබුනු හොඳම තෑග්ග... ඔන්න මම මගේ අවුරුදු තෑග්ග ඔයාලත් එක්ක බෙදා ගත්තා...


මහරගම කියන්නෙ මගෙ ගම. පමුණුව කියන හරිය තියෙන්නෙත් මහරගම ටවුමෙමයි. පමුණුව රෙදි වලට ප්‍රසිද්ධයි. අවුරුදු කාලෙට දුර පලාත් වලිනුත් පමුණුවට සෑහෙන පිරිසක් එනවා රෙදි ගන්න. ඒ එන බොහෝමයක් අය දුප්පත් නැත්නම් පහළ පාන්තික අය.නමුත් ඒ අයට ගන්න තියෙන ඇදුම්වල තත්ත්වයනම් ඒ තරම් හොඳ නැහැ. හුඟක් වෙලාවට ඈත ඉදන් එන දුප්පත් මිනිස්සු පමුණුවේ කපටි වෙළෙන්දුන්ට අහු වෙනවා. ඒත් මොන අවුරුද්දකවත් පමුණුවට එන සෙනඟේ අඩුවක් නම් වෙන්නෙ නැහැ. හැම අවුරුද්දෙම පමුණුවේ එකම සද්දයයි. සේල්.. සේල්.. සේල්...




ප්‍රශ්නයක් අහන්නම්, ඇත්තම කියනවද... ඔයා ගැන වැඩියෙන්ම දන්නෙ කවුද... ? මම දන්නවා ඔයාගෙ උත්තරය, " මම ගැන වැඩියෙන්ම දන්නෙ මමනේ" . නමුත් ඔය ප්‍රශ්නය තමන්ගෙන්ම අහන්නෙ නැති හින්දද කොහෙද අපි හුඟ දෙනෙක් ඔය කාරණය දන්නෙ නැහැ. ඉතින් අන්තිමේදි අපිම "අපිව" අමතක කරලා දාලා වෙන කෙනෙක් වෙන්න යනවා. ඒත් අවසානෙදි තමයි තේරෙන්නෙ අපි මොනවා කලත් "අපි අපි වගේ" කියලා... එහෙව් එකේ ඇයි අපි "අපි" නොවී වෙන එකෙක් වෙන්න වලි කන්නෙ....




බුදු හාමුදුරුවෝ දෙසූ බණ කවියට හරවපු වීදාගම හාමුදුරුවෝ ලෝවැඩ සඟරාවෙදී වදාලා " දුකකිනි මින්සත් බව ලැබ ගන්නෙ" කියලා. ඉතින් ඒ දුක් විදලා ලබා ගත්තු මේ ජීවිතය නැති කරගන්නෙ ඇයි.. අනෙක් එක ජීවත් වෙනවා කියන්නෙ කොච්චර ලස්සන අත්දැකීමක්ද... ඒ ලස්සන අත්දැකීම විදගන්න අපිට කරන්න තියෙන්නෙ " ජීවිතයට ඉඩ දෙන්න" විතරයි... අප යා යුතු තැන, යා යුතු මග එය තීරණය කරාවී... ඔබට ජය !



ඔන්න මමත් හා හා පුරා කියලා බ්ලොග් කට්ටක් පටන් ගත්තා. දෙවනි වතාවට කවි ලියන්න පටන් ගත්තු දවසෙ ඉදලම උවමනාවක් තිබුනා බ්ලොග් එකක් පටන් ගන්න. ඒත් ඇත්තම කියන්න, කොහොමද බ්ලොග් එකක් පටන් ගන්නෙ කියලා මුල් දවස්වල දැනගෙන හිටියෙ නැහැ. ඊට පස්සෙ ටිකක් විතර කලාව ඉගෙන ගත්තට පස්සෙ වැඩේ ඉවරයක් කරගන්න වෙලාවක් තිබුනෙ නැහැ. කමක් නැහැ. කොහෙමෙන් කොහොම හරි ඔන්න ඉතින් මමත් බ්ලොග් එකක් හැදුවා. මේ පැත්තට ඇවිත් යන්න ආපු ඔයාලට ගොඩක් ස්තූතියි....

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

There was an error in this gadget

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails