..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

Showing posts with label සමාජ පැතිකඩ.... Show all posts
Showing posts with label සමාජ පැතිකඩ.... Show all posts

දහ අට වෙනකම් බලන් හිටිය අපිට....

තැලෙන යකඩ හැමදාම තැලෙන්නෙ නැහැ... යකඩ තැලෙන්න තැලෙන්න ගිනියම් වෙනවා. දවසක ගිනියම මුලු ලෝකෙටම දැනේවී...

එදාට තැලෙන්න තැලෙන්න තවත් යකඩෙම තලපු ඔක්කොටම වන්දි ගෙවන්න වේවී. මොකද තලන උන් දන්නෙ නැහැ අද තැලුනත් මේ යකඩයක් කියලා...


පළමුවෙන්ම වැදගත් කාරාණාවක් අවධාරණය කල යුතුය. ගීතය, කවිය, සිනමාව වැනි කතා කල යුතු දහසක් දේ තිබියදි ලාංකීය දේශපාලනය වැනි පුහු මාතෘකාවක් ගැන කතා කිරීමට මගේ කිසිදු කැමැත්තක් නැත. නමුත් පසුගිය සතියේ ඇති වූ තත්ත්වයත් සමග බොහෝමයක් මගේ මිතුරන් ඇන්දී ඇති බව වැටහුනෙන් යම් දෙයක් කල යුතු බව දැනුනා. ඒ හින්දා මගේ ප්‍රතිපත්ති වලින් මදකට බැහැර වී මේ පෝස්ට් එක දාන්න හිතුනා…

~ ~ ~ ~ ~

නිධාන කතාව…
බොහෝ යුධ හමුදා වලට සේම ශ්‍රී ලාංකීය හමුදාවට “දිගු දුර විහිදුම් බලකායක්” ඇත. යුද්ධය සමයේ පුවත් ඇසූ සැමට මේ වචනය හොඳට කණට පුරුදු ඇති. මේ බලකායෙන් සිදුවන්නේ කුඩා කණ්ඩායම් වශයෙන් (බොහෝ විට 3-4) සැදී සතුරු පාලනයේ යටතේ පවතින ප්‍රදේශ වලට සතුරන්ට නොදැනී බොහෝ ඇතුලට කා වැදි කලින් හදුනාගත් ඉලක්කයක් වැනසීම හෝ විශාල මෙහෙයුමකට අවශ්‍යය වන සිතියම් ආදිය පිළියෙල කිරීමයි. මේ සදහා තෝර ගන්නේ විශේෂ බලකායේ (SF) සෙබලුන්ය. කිසිදු හදිසි අවස්ථාවක් අනෙක් සෙබල කණ්ඩායම් වලින් සහයක් ලබා ගත නොහැකි වටපිටාවක දින ගණන් සතුරු පාලන ප්‍රදේශ වල තම මෙහෙයුම් සිදුකරන මොවුන් භාවිතා කරන විශේෂ ක්‍රමෝපාය අතර මොවුන්ගේ ආහාර රටාවද සුවිශේෂිය. මොවුන් බොහෝවිට තම මෙහෙයුම් වල්ට රැගෙන යන්නේ අධි පෝෂිත බිස්කට්ය. ඒ වගේම තම මෙහෙයුම බලාපොරොත්තු රහිත පරිදි දික් ගැස්සුනොත් සහ සතුරු බලමුලුවල ඇස් වලින් බේරී නැවත ආරක්ෂිත කලාපයට එන මග ඇහැරුනොත් කිසිදු කෑමක් බීමක් නැතිව තම ජීවිතය සතියකට ආසන්න කාලයක් වුවත් රැක දීමට සමත් අධිපෝෂණ බෙහෙත් වර්ගද ඔවුන් තම මෙහෙයුමට රැගෙන යනවා.

~ ~ ~ ~ ~


එක්සත් ජාතීන්ගෙ සංවිධානය ලංකාවේ මානුෂීය මෙහෙයුම් පැවති අවසාන සමයේ සිදු වුනේයැයි කියන සිද්ධීන් ගැන පරික්ෂා කරන්නට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කලේය. කෙනෙක් උත්සහ කරනවා නම් එය එක්සත් ජාතීන්ගෙ සංවිධානය පත් කල කමිටුවක් නොව එහි මහ ලේකම් බැන් කී මූන් පත් කල කමිටුවක් බව හුවා දක්වන්නට, එය වැරදිය. එක්සත් ජාතීන්ගෙ සංවිධානය යනු තම හිතුමනාපෙට වැඩකිරිමට හැකි ෆැමිලි බිස්නස් එකක් නොව මුලු ලෝකයම ඒකරාශී වී ඇති කරගත් සංවිධානයකි. එහි සියලු කටයුතු ක්‍රියාත්මක වන්නේ මහ සමුලුවන් වලදී සම්මත කරගත් ව්‍යවස්ථාවකට අනුකූලවය.

කිනම් අයුරකින් හෝ එසේ පත්කරන ලද කමිටුවට ශ්‍රී ලංකා රජය තම අකමැත්ත එක එල්ලේ ප්‍රකාශ කරන ලද අතර ඔවුන්ට ලංකාවට පැමිණිමට අවශ්‍යය වීසා ලබා දීමද ප්‍රතික්ශේප කරන ලදී. ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානි වන පරිද්දෙන් සිදුවෙන ඕනෑම කටයුත්තකට එරෙහිව රටක් වශයෙන් ලංකාව කොන්ද නමාගෙන ඉන්නේ නැති බව මුලු ලෝකෙටම කියන්නට රජය ගත් එම ක්‍රියාමාර්ගය අප සැමම පැසසිය යුතුය.

මෙවන් වටපිටාවක අපේ “සහෝදරයා” කරලියට එනවා. ඔහු වැඩ අරඹන්නේ එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ ලංකා නියෝජිතයත් වැටලිය යුතුය වැනි ප්‍රකාශයත් සමගින්. එම ප්‍රකාශයත් සමග දේශපාලනික වශයෙන් උණුසුම් තත්ත්වයක් ඇති වෙනවා. “කල දුටු කල වළ ඉහ ගැනීමේ” ගතිය තම ජානවල මුල් බැහගෙන ඇති අපේ “සහෝදරයා” මේ අවස්ථාව තම දේශපාලන ඇසින් හොදින් ග්‍රහණය කර ගත්තා. තමන්ගේ මුල් පුටුවට යන ගමනේ “රන් අකුරෙන් ලියවෙන” සටහනක් තබන්නට මේ තරම් හොඳ තවත් මොහොතක් ආයේ කවදානම් ඒවිද…

බහුතරයක් වන පහළ හා පහළ මධ්‍යම පාන්තික ඡන්ද ඉලක්ක කරගෙන ඔහු තම ව්‍යාපාරය ඇරඹුවා. නවීන වෛද්‍යය තාක්ෂනයේ මහිමය ලොවටම කියාපාමින් ඔහු තමාගේ “ඒක පුදගල” ප්‍රසංගය රඟ දැක්වුවා. තමන්ට ලක්ෂ දෙක හමාරක් ඡන්ද ලබා දුන් මුලු කොළඹ දිස්ත්‍රික්කය පුරාම මේ “ඒක පුද්ගල” ප්‍රසංගයට මහා ප්‍රචාරයක් ලබා දුන්නා. කොළඹ හංදියක් හංදියක් පාසා එසවුනු කටවුට් නම් කීයක් තිබුනද.. ප්‍රචාරණ වියදම සැර වුනත් ලක්ෂ දෙක හමාර ඊළඟ සැරේ ලක්ෂ හතර හමාර වෙනවනේ කියලා අපේ “සහෝදරයා” හිත හදා ගත්තා…

මේ ඒක පුදගල ප්‍රසංගයේ හොඳම කොටස රඟ දැක්වුනේ ඉරිදා. අපි කවුරු කවුරුත් දන්නා ප්‍රේම සම්බන්ධයේ සෙනෙහෙ කොළ විද්යුත් මාධ්‍ය ඔස්සේ හුවමාරු වුනා. අපේ සහෝදරයාගේ දෑස රිදෙනවාලූ පාර බලා ඉදලා.. අනේ මෙහෙමත් කෝලං.

ඔහු කුමක් කලත් අපට කම් නැත. නමුත් ඔහුගේ සහ ඔහු පිහිටුවා ගත් පක්ෂයේ දේශපාලනික අනාගතය වෙනුවෙන් මුලු මහත් රටක් පාවා දීම කිසිසේත්ම අනුමත කල නොහැක. මහත් වූ ජනතාවක් නොදන්නාමුත් මේ කාරණාවට අදාල සියලු විදෙස් රටවල් මෙහි සැබෑ තත්ත්වය දනී. විදෙස් රටවල් හමුවේ ශ්‍රී ලාංකීය කීර්තී නාමය පළුදු උනා හැරෙන්නට මෙතෙක් වෙනතුරු සිදු වූ වෙනත් දෙයක් නැත. ඊටත් වඩා බරපතළම කාරණය වන්නේ මෙමගින් අප ලෝකෙටම දෙන පණිවිඩයයි. එනම් මෙතරම් ප්‍රතිරෝධයක් ගොඩ නැගෙන්නේත් ඒ සදහා එක්තරා විදිහකට සිංහල මූලික සංවිධානයක් පෙරමුණ ගන්නේත් ඇත්තටම ලංකාවේ යුධ අපරාධ සිදු වුනු නිසා තමයි කියන පණිවිඩයයි. ඕනේම පිටත දෙස මේ ගැටලුව දෙස බලන තුන්වන පාර්ශවයකට එන හැඟීම මෙය නොවේද... පටු දේශපාලනික අරමුණු හිත් දරා "කාඩ්බෝර්ඩ් වීරයෙක්" වෙන්නට දැරූ තැතේ අනිසි ප්‍රතිවිපාක මොනවාදැයි අපි බලා හිදිමු. එවන් කිසිවක් නොවේවා කියා අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු.

මම දීරඝ විස්තරයක් කලා. මෙහි කිසිදු උපුටා ගැනීමක් නැති අතර සියලු අදහස් හුදෙක්ම මා සිතට ආ අදහස්. කට්ටිය හිතලා බලන්න මම කියලා තියෙන දේවල් ගැන. අවසානෙට මේකත් මතක තියාගන්න. ලාංකීය දේශපාලනයේ තේමා පාඨය. “ මීයක් කඩන්නේ අත ලේවකන්න විතරක් නෙවෙයි…”




තියෙන පුංචි වෙලාවෙන් අලුත් පෝස්ට් එකක් දානවද, නැත්නම් උදේ දාපූ පෝස්ට් එකේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවද කියලා ටිකක් කල්පනා කරලා බලපුවහම හිතුනා, මොකක්හරි අලුත් දෙයක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න එකත් ඔයාලට ස්තූතියි කියන්න පුලුවන් එක්තරා විදිහක් නේද කියලා... ඒ හින්දා දැන් මම අර උඟුඩු සෙයියාවෙන් හිටපු දවස් වල කරපු නිර්මානයක් පල කරන්නයි යන්නෙ...

එදිනෙදා පාරේ තොටේ යනකොට අසරණ කමට අපෙන් යමක් ඉල්ලගන්න එන මිනිස්සු කී දෙනෙක් අපිට දවස ගානේ මුණ ගැහෙනවද.. උදේ හවස බස් එකෙන් රැකියාවට යන එන අය ඔය අත්දැකීම ඕනේ තරම් විඳලා ඇති. "හිඟන්නෝ" කියලා සර්වනාමයෙන් අපි ඒ අය හැමෝම හැදින්නුවාට ඒ අය අතරත් නොයෙකාකාර ගැහැණු පිරිමි ඉන්නවා. නමුත් ඒ අය අතරිනුත් අන්තම අසරණයන් ඒ අයගේ පුංචි ළමයි...



ඒ අයට ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් පවා සපුරා ගන්න එක ඉර පායපූ වෙලාවේ ඉදන් බැහැලා යන මොහොත වෙනකම් තියෙන මාරාන්තික තරගයක්. අපි සමහර වෙලාවට ඒ මිනිස්සු දිහා පිළිකුලෙන් බැලුවට ඒ මිනිස්සුන්ගේ හිත් අපේ හිත් වලට වඩා කොච්චර හයියද කියලා මොහොතක් වත් අපි කල්පනා කරලා තියෙනවද...

ඉතින් මං මගේ යාලුවෝ හැමෝටම ආරාධනා කරනවා පොඩ්ඩක් ඒ ගැන හිතන්න කියලා... අපේ ජීවිතයෙත් සමහර වෙලාවට එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඒක පන්නරයක් වේවි.

" ඇයි මං ඒ දේ කළේ..."

ටිකක් කල්පනා කරලා බලන්න. අපි කී සැරයක් අපෙන්ම ඔය ප්‍රශ්නය අහගෙන ඇතිද... ඒ වාරගණන මතක් කරගන්න පුලුවන් අඩු වාර ගණනක් නම්, විවාදයක් නැහැ; ඔබ සාර්ථක පුද්ගලයෙක්...

ඉතින් අද වෙසක් පෝයත් වෙච්චි එකේ මේ කාරණය ඔයාලත් එක්ක බෙදා හදා ගන්න හිතුනා..

තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනෝ
විපාකං පටිසේවති


සැම දෙනාටම ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා... !



කරදර එනකොට පොදි බැදගෙන එන්නෙ කියන කතාවේ ඇත්ත මමනම් මේ දවස් ටිකේ හොදටම අත් විදිනවා. කොම්පියුටර් එකේ මදර් බෝර්ඩ් එක පිච්චුනා. වැස්සට ගෙට වතුර දානවා. වතුරේ ඉදලා දැන් නහයත් බුරුල් වෙලා. ප්‍රශ්න වැලයි...

කොහොමෙන් කොහොම හරි මුල් ප්‍රශ්නය විසදා ගත්තා ඊයේ දවසේ. ආයෙමත් කොම්පුටර් එක වැඩ. ඒත් තිබුනු වැඩසටහන් මුකුත් නැහැ. තියාගෙන හිටිය සෙටප් ෆෝල්ඩර්ස් ටිකත් ෆෝර්මැට් කරද්දී නැතිව ගිහිල්ලා. හැම එකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එකත් වැඩකරන හොර කොපි හොයාගන්න ඕනෙනේ. නැතිව ඔරිජිනල් ගන්න සල්ලි තියෙනවා කියලයෑ...

~ ~ ~ ~


මේ මැයි මාසය... ගිය අවුරුද්දෙ මැයි මාසය ශ්‍රී ලාංකිකයෝ වෙච්චි අපිට අමරණිය මාසයක්. අවුරුදු විසි ගානක් තිස්සෙ තිබිච්චි කාලකණ්නි යුද්ධය පටන් ගත්තු, මෙහෙයවපු උන්මත්තකයා අපේ කොල්ලෙක්ගේ වෙඩි පාරකින් මැරිලා වැටුනා. ඒ මානසික අසහන කාරයගේ මරණයත් එක්ක තිබිච්චි හැම ප්‍රශ්ණයක්ම නොවිසදුනත් රට ආපස්සට ඇද ඇද හිටිය මහා නාස්තියක් නවතුනා...

ඒ අවසන් මොහොත වෙනකම් අපේ වීරෝධාර කොල්ලො ටික ආපු ගමන ගැන මුලු ලෝකයම තාමත් පුදුම වෙනවා. තමන් අත ගහපු හැම යුද්ධයක්ම අනාගන්න කොට ලෝකේ සිතියමේ වැරදිලා වැදිච්චි පෑන් තිතක් වගේ රටක ඉන්න කොල්ලෝ ටිකක් මෙච්චර වික්‍රමයක් කලාද කියලා උන්ට තාමත් ඇස් අදහා ගන්න බැහැ. කොටින්ගේ ඩයස්පෝරාව මවලා තිබුනු "LTTE එකකාටවත් පරද්දන්න බැහැ" කියන බොරු ප්‍රතිරූපය සුනු විසුනු වෙලා යනකොට උන් කොච්චර දේවල් කලාද මේ ගමන නවත්තන්න. ඒත් අපේ කොල්ලෝ නෙවෙයි සැලුනේ...

ඒ අභීත විරුවන්ට අපේ ගෞරවය හිමි වෙන්න ඕනේ. අපි හිනා වෙන්නෙ, අපේ අම්මලා තාත්තලා හිනා වෙන්නෙ, අනාගතේ ඉපදෙන අපේ දරුවෝ හිනා වෙන්නෙ ඒ සොයුරු සොයුරියන් ඒ දවස් වල කරපු කැප කිරීම් හින්දයි.

සොයුර... උඹට ජාතී ජාතිත් පින්....

ගීතය කියන්නේ හරිම සුන්දර දෙයක් කියලා තේරිච්චි පුංචි දවස් වල ඉඳලම මම අමරසිරි පීරිස් මහත්තයට කැමතියි. ඒ අමරසිරි මහත්තයගේ ගැඹුරු කට හඩ හින්දා. ඉස්සර ටීවී එකේ "සිරිමැදුර" චිත්රනපටියේ "මිනිසා" සිංදුව යනකොට මම මොන සෙල්ලම කර කර හිටියත් දුවගෙන එනවා සින්දුව අහන්න. ටිකක් උස් මහත් වෙලා අමරදේවයන්ගේ ගීතවලට ඇබ්බැහි වෙච්චි කාලේ, ගීතවල ලොකුම රහ තියෙන්නෙ ඒවායේ වචන වලයි කියලා තේරුනා. ඊට පස්සෙ අමරසිරි පීරිස් මහත්තයට තිබුනු ඒ කැමැත්ත තව තවත් වැඩි උනා.

අමරසිරි පීරිස් මහත්තයා ගායනා කරපු ගීත වලින් මම ඉතාම ආස කරන, අගය කරන ගීතයක් තමයි "කවුරුවත් නැහැ... කවුරුවත් නැහැ..." කියන ගීතය. සාමාන්‍යයෙන් ගීතයකින් අපි කවුරුවත් යන්න නොපෙළඹෙන ඉසව්වකට මේ ගීතයෙන් අමරසිරි මහත්තයා අපිව ගෙනියනවා. අමරසිරි මහත්තයා තමන් තෝරාගත්තු බලගතු වචන පෙළට එතුමගේ ගැඹුරු කටහඩ එකතු කරලා, පදවැලත් එක්ක ඉතා සමීපයෙන් ගමන් ගන්න සරළ, සුගම්‍යය සංගීත කණ්ඩත් එක්ක මුහු කරලා හරි අපූරූ ගීතයක් අපිට රස විදින්න සලස්සනවා.මේ ගීතය ලියලා තියෙන්නෙ කවුද, සංගීතය කාගේද කියන කාරණා නම් ඇත්තටම මම දන්නෙ නැහැ. ඒ කාරණා දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි සටහනක් දාලා යන්නකෝ... මෙතනින් අහන ගමන් ඉතිරි ටික කියවන්නකෝ...




අද උදේ ඉදලා කීප සැරයක්ම මම මේ සින්දුව ඇහුවා. ඒකට හේතුවක් තියෙනවා. ඊයේ පෙරේදා ප්‍රවෘති බැලුවනම් ඔයගොල්ලන්ට මතක ඇති ඒවායේ කිව්වා පිටකොටුවේ, නුගේගොඩ සහ දෙහිවල ප්‍රදේශ වල තිබිච්චි පදික වෙලන්දුන්ගේ අනවසර ඉදිකිරීම් කිසිම දැනුම්දීමකින් තොරව ඉවත් කරලා කියලා. නගර සංවර්ධනයට කියලයි ඒ වැඩේ කරලා තියෙන්නෙ.


ඔය පැතිවල පාරතොටවල් වල ඇවිදින කිනෙක් විදිහට මමත් කැමතියි කරපු වැඩේට... මිනිස්සු ඕනේ තරම් වාහන වල හැප්පිලා ඇති පේමන්ට් එකේ ඉඩ නැති හින්දා මහපාරේ ගිහිල්ලා. මිනිස්සු යන්නෙ මහපාරේ හින්දා වාහන වලට යන්න තියෙන ඉඩත් අඩුවෙලා ට්‍රැෆික් එකත් වැඩිවෙනවා.අනෙක් එක අවුරුදු කාලෙට අඩියක් තියන්න ඉඩක් නැහැ. බලහත්කාරෙන් වගේ ඇඟේ ගහනවනේ.


ඒත් ටිකක් කල්පනා කරලා බලන්න දේවල් තියෙනවා. ඔය මිනිස්සු හුඟ දෙනෙක් එදා වේල හම්බ කරන් කන මිනිස්සු. ඒ අයටත් අපි වගේ බලාගන්න දරු පවුලක් ඉන්නවා. හුඟක් අය ණය වෙලා බිස්නස් කරන කට්ටිය. ඉතින් මේ වගේ රෑ යද්දි තිබුනු තමන්ගේ කඩය උදේ එද්දි නැති උනාම ඒ මිනිස්සු කොච්ච්ර අසරණ වෙනවද... ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් කොච්චර අසරණ වෙනවද...


කෙනෙකුට පොලිසිය, නාගරික සංවර්ධන අධිකාරිය ලබපු පරණ අත්දැකීම් මත කියන්න පුළුවන් ඔය වඩේ කරන්න පුළුවන් එකම විදිහ ඔය කරපු විදිහ තමයි කියලා. ඒ උනත් අපි අමතක කරන්න හොඳ නැහැ අපි තාමත් දුප්පත් රටක්. මම දේශපාලනයට විරුද්ධ උනත් ඒ එක්කෙනෙක් කියපු කතාවකට මට එකඟ වෙන්න වෙනවා...


"දුප්පතුන් නැති කරලා දුප්පත්කම නැති කරන්න බැහැ..."


අපි ඒ ලෙවල් කරන කාලේ ඉගෙන ගත්තා "තිරසාර සංවර්ධනය" (Sustainable Development) කියලා සංකල්පයක් ගැන. ඒකෙදි කතා කරන්නෙ කෙටි කාලිනව වගේම දිගු කාලිනවත් යහපත් ප්‍රථිඵල ගෙන දෙන ක්‍රම තුලින් සංවර්ධනය ලබා ගත යුතු බවයි. එය එසේ විය යුතුමය. ඒ මිනිසුන්ගේ මිනී මතින්,ඒ මිනිසුන්ගේ දරු පවුල් වල මිනී මතින් ඔබවත් මා වත් සංවර්ධනය කරා යා යුතු නැත. මොකද, තත්තවය එසේ නම් ඔබත් මාත් දෙදෙනාම දුවන්නේ මිරිඟුවක් පිටු පස්සේ...


ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් අද කාලේක හිටියනම් කාගේ කාගෙත් අතේ තියෙන මොබයිල් ෆෝන්ස් ටික දැකලා ෂුවර් එකටම හිතේවී...

"අප්පට සිරි ගජ ! කාලෙකට ඉස්සර මම හොයාගත්ත භාණ්ඩෙද මේ මුන් හැම එකාම සාක්කුවේ දාගෙන යන්නෙ..." කියලා.

ඒ තරමටම දුරකතනය කියන උපාංගය අද පරිණාමය වෙලා. ජංගමයගේ සොයා ගැනීමත් එක්ක අවුරුදු පහ හයකටත් ඉස්සර සුඛෝපභෝගී භාණ්ඩයක් කියලා සළකපු දුරකතන අද කාගේ අතෙත් තියෙන අත්‍යාවශ්‍යය භාණ්ඩයක් වෙලා. ඒ මදිවට අතේ තියෙන්නෙ ෆෝන් එකක්ද නැත්නම් ටීවී එකක් හරි කොම්පියුටරයක්ද හරිද කියලා හිතෙන තරමටම අලුත් අලුත් කෑලී බෑලි හැමදාම එකතුත් වෙනවා...

ජංගමේ දියුණුවත් එක්ක සිද්ද වෙච්චි තවත් දේවල් තියෙනවා. ඔයාලා දන්නවද... ඒ තාක්ෂණයේ සිද්දවෙච්චි සීග්‍රගාමී වර්ධනය කාර් මාර්කට් එකටත් ඉතා තදින් බලපෑවා...

ඕනේ වෙලාවක, ඕනේ විදිහකට කතාබහ කරන්න පුළුවන් හින්දා හොඳට වචන පාවිච්චි කරන්න දන්න අය ලියකියවිලි හදන්නත් කලියෙන් අලුත් කිරි කිරි කාර් එකේ වටයක් දෙකක් ගහන්න චාන්ස් එක හදාගන්නවා. ඔය රවුමක් ගහන වෙලාවක මොනවාහරි පොඩි මිස් එකක් ගිහිල්ලා කාර් එකේ පලුද්දක් ඇති උනොත් බඩුම තමයි... කාර් එක සෙකන්ඩ් හෑන්ඩ් ගාණට තමයි දෙන්න වෙන්නේ. ඒකටත් ඉතින් බයර් කෙනෙක් සෙට් වෙන්න එපැයි....

හැබයි දැන් දැන් තියෙන ට්‍රෙන්ඩ් එක තමයි සෙකන්ඩ් හෑන්ඩ් කාර් වලටත් මාර්කට් එකක් හැදීගෙන එනවා. කට්ටිය කියන්නෙ "මචං හිමින් පදින්න ඕනේ කියලා දෙයකුත් නැහැ... එහෙන් මෙහෙන් ඇඹරෙන්න ඕනේත් නැහැ. ඇන්ජින් එක සීසන් වෙලා තියෙන එකේ ගත්තා ගියා විතරයිනේ" කියලා. ඒත් මටනම් හිතෙන්නෙ අලුත් කාර් එකක තියෙන අලුත් සුවඳ ඔය සීසන් වුනැයි කියන කාර්වල නැහැ...

ඒ හින්දා ට්‍රයල් යන්නම ඕනේනම් විශ්වාසවන්න බයර් කෙනෙක් එක්ක ට්‍රයල් යනවානම් හොඳයි... එහෙම නැතනම් මුලු ජීවිත කාලේටම බයර් කෙනෙක් හොයාගන්න බැරිව කාර් එක ඕපන් පේපර්ස් තියාගෙන ඉන්න වේවී...

(ප.ලි : සමහරවිට බෙල් මහත්තයට "අප්පට සිරි ගජ" කියලම හිතෙන්නෙ නැතිවෙයි. මොකද මිනිහා ලංකාවේ පොරක් නෙවෙයිනේ...)


ඉස්කෝලේ එක වසරේ නැත්නම් දෙක වසරෙදී "නැවතීමේ තිත" කියන විරාම ලකුණ ඉගෙන ගත්තට පස්සේ මෙච්චර කාලෙකට අපි නැවතීමේ තිත් කීයක් තියලා ඇතිද... කාලයක් පොත්වල... දැන් කොම්පියුටරේ... පස්සෙ පස්සෙ කරපු විභාග වලදි ඔය ලකුණ හරියට පාවිච්චි කරනවද කියලත් බැලුවා. සමහර වෙලාවට ඇහට පේන්නෙවත් නැති මේ පුංචි තිතෙන් කෙරෙන හරිය කොච්චරද... ඔහේ ලියාගෙන යන වචන ටිකකට අර්ථයක් ගන්වන්න මේ තිත නැතිවම බැහැ. එක කතාවක් නවත්තන්නේ වගේම අලුත් කතාවත් පටන් ගන්නෙත් ඔය නැවතීමේ තිතෙන් තමයි...

~ ~ ~ ~ ~ ~ ~ ~ ~

මම පොඩි ප්‍රශ්නයක් අහන්නද... ඔබ ඉපදුනු මොහොතේ ඉදලා මැරෙන මොහොත වෙනකම් ගෙවන ජීවිතයේ වැදගත්ම මොහොත කුමක්ද... හම්ම්.. සමහරවිට උත්තර දෙක තුනක් එක පාර හිතෙන්න ඇති. ඒ අතරින් ඔබ විවාහකයෙක් හරි ලඟදි විවාහ වෙන්න හිතාගෙන ඉන්න හරි කෙනෙක් නම් "විවාහය" කියන උත්තරයත් ඒ බහුවරණ ප්‍රශ්නයේ උත්තරයක් විදිහට ඔයාලගේ ඔලුවට එන්න ඇති අනිවාර්‍යෙන්ම. ඇත්තටම විවාහය කියන්නෙ අපි කවුරුත් ජීවිතයට එක පාරක් විතරක් විඳින්න හිතාන ඉන්න, පෙරුම් පුරන අපේ කාගෙත් ජීවිත වල සුවිශේෂි කඩඉමක්... අපි හුඟ දෙනෙක් විවාහයත් එක්ක නිදහසේ පාවෙනවා වගේ ලියාගෙන ආපූ ජීවිත කතාව නවත්තලා යම්කිසි බරක් පතළක් ඇති ජීවිත කතාවක් ලියන්න පටන් ගන්නවා....


මහරගම කියන්නෙ මගෙ ගම. පමුණුව කියන හරිය තියෙන්නෙත් මහරගම ටවුමෙමයි. පමුණුව රෙදි වලට ප්‍රසිද්ධයි. අවුරුදු කාලෙට දුර පලාත් වලිනුත් පමුණුවට සෑහෙන පිරිසක් එනවා රෙදි ගන්න. ඒ එන බොහෝමයක් අය දුප්පත් නැත්නම් පහළ පාන්තික අය.නමුත් ඒ අයට ගන්න තියෙන ඇදුම්වල තත්ත්වයනම් ඒ තරම් හොඳ නැහැ. හුඟක් වෙලාවට ඈත ඉදන් එන දුප්පත් මිනිස්සු පමුණුවේ කපටි වෙළෙන්දුන්ට අහු වෙනවා. ඒත් මොන අවුරුද්දකවත් පමුණුවට එන සෙනඟේ අඩුවක් නම් වෙන්නෙ නැහැ. හැම අවුරුද්දෙම පමුණුවේ එකම සද්දයයි. සේල්.. සේල්.. සේල්...



~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සුවිසැරියේ මං සළකුණු...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails