




අමරසිරි පීරිස් මහත්තයා ගායනා කරපු ගීත වලින් මම ඉතාම ආස කරන, අගය කරන ගීතයක් තමයි "කවුරුවත් නැහැ... කවුරුවත් නැහැ..." කියන ගීතය. සාමාන්‍යයෙන් ගීතයකින් අපි කවුරුවත් යන්න නොපෙළඹෙන ඉසව්වකට මේ ගීතයෙන් අමරසිරි මහත්තයා අපිව ගෙනියනවා. අමරසිරි මහත්තයා තමන් තෝරාගත්තු බලගතු වචන පෙළට එතුමගේ ගැඹුරු කටහඩ එකතු කරලා, පදවැලත් එක්ක ඉතා සමීපයෙන් ගමන් ගන්න සරළ, සුගම්‍යය සංගීත කණ්ඩත් එක්ක මුහු කරලා හරි අපූරූ ගීතයක් අපිට රස විදින්න සලස්සනවා.මේ ගීතය ලියලා තියෙන්නෙ කවුද, සංගීතය කාගේද කියන කාරණා නම් ඇත්තටම මම දන්නෙ නැහැ. ඒ කාරණා දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි සටහනක් දාලා යන්නකෝ... මෙතනින් අහන ගමන් ඉතිරි ටික කියවන්නකෝ...
අද උදේ ඉදලා කීප සැරයක්ම මම මේ සින්දුව ඇහුවා. ඒකට හේතුවක් තියෙනවා. ඊයේ පෙරේදා ප්‍රවෘති බැලුවනම් ඔයගොල්ලන්ට මතක ඇති ඒවායේ කිව්වා පිටකොටුවේ, නුගේගොඩ සහ දෙහිවල ප්‍රදේශ වල තිබිච්චි පදික වෙලන්දුන්ගේ අනවසර ඉදිකිරීම් කිසිම දැනුම්දීමකින් තොරව ඉවත් කරලා කියලා. නගර සංවර්ධනයට කියලයි ඒ වැඩේ කරලා තියෙන්නෙ.

මහරගම කියන්නෙ මගෙ ගම. පමුණුව කියන හරිය තියෙන්නෙත් මහරගම ටවුමෙමයි. පමුණුව රෙදි වලට ප්‍රසිද්ධයි. අවුරුදු කාලෙට දුර පලාත් වලිනුත් පමුණුවට සෑහෙන පිරිසක් එනවා රෙදි ගන්න. ඒ එන බොහෝමයක් අය දුප්පත් නැත්නම් පහළ පාන්තික අය.නමුත් ඒ අයට ගන්න තියෙන ඇදුම්වල තත්ත්වයනම් ඒ තරම් හොඳ නැහැ. හුඟක් වෙලාවට ඈත ඉදන් එන දුප්පත් මිනිස්සු පමුණුවේ කපටි වෙළෙන්දුන්ට අහු වෙනවා. ඒත් මොන අවුරුද්දකවත් පමුණුවට එන සෙනඟේ අඩුවක් නම් වෙන්නෙ නැහැ. හැම අවුරුද්දෙම පමුණුවේ එකම සද්දයයි. සේල්.. සේල්.. සේල්...
Copyright 2009 - ..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..
Blogspot Theme designed by: Ray Creations, Ray Hosting.