..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

මෙන්න පුංචි පද පෙළක්

ඔන්න ඔහේ මං ලියලා දාපූ

හිතුනා ඔයාලත් කියවාවී කියලා

පදයෙන් පදය ටිකෙන් ටික

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


අපි කාට කාටත් ජීවිතය

ප්‍රශ්න පත්තරයක් තමයි

ඒවා මත්තෙම නැහෙන්න ගියොත්

එක දෙක වෙනවා සත්තයි

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


ඔලුව තියන් නිදාගන්න

තැනක් නැද්ද හිතේ නිදහසට

මෙතෙක් කලත් නිදාගත්තු

ඇද උස්සන් ගියත් කෙනෙක් ඇවිත්

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


ගෙවල් හිමියා නිතර ඇවිත්

පරක්කු කුලිය ඉල්ලනවද

නඩු දැම්මත් කමක් නැහැ - එතකන්

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


මේ බලන්නකෝ මා දිහා

මම සතුටින් ඉන්න හැටි

මෙන්න මගේ නොම්බරේ

දුක හිතුනම කතා කරන්න

හිනස්සන්නම් මම ඔයාව

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


අතේ සත පහක් නැහැ

හිනා වෙන්න කෙල්ලෙක් නැහැ

ජීවීතේම මෙලෝ රහක් නැහැ

අයියෝ… ඕවත් ප්‍රශ්නද

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


ඔයා දුක් වෙනවා නේද

බලන්න ඔය මූනේ හැටි

තැලිච්චි දෙහි ගෙඩියක් වගේ

ඔයාගෙ මූණ ඇඹුල් වෙනකොට

ඔක්කොගෙම මූණු ඇඹුල් වෙනවා

ඒක හින්දා

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


මෙන්න පුංචි පද පෙළක්

ඔන්න ඔහේ මං ලියලා දාපූ

හිතුනා ඔයාලත් ඉගෙන ගනීවී

හරියටම මගේ පුතන්ඩියා වගේ

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න


නගන්න හිනාවක් මුව මතට

හිනස්සන්න වටේ ඉන්න අයත්

මොන ප්‍රශ්නය තිබුනත් කමක් නැහැ

ඉකමණට ඉවරයි ඒ ඔක්කොම

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න





Vezi mai multe video din Muzica

22 හිත මිතුරු කතා බහ:

බොහොම සරලව හුඟාක් වැදගත් යමක් කියැවෙනවා..

පශ්චාත් නූතන සමාජය වැඩකරන ජනතාවට ප්‍රශ්න අමතක කිරීමට ලබාදෙන ටොපිය "වැඩකරමින් සිනාසෙන්න".....

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න

සරලව ලියා ගීතයට ලොකු සාදාරණයක් කර තිබීම වැදගත්, ලස්සනයි.

niyamai . . .. harima lassanata liyalaa thiyenawaa . .. . !

ලෝකෙ පෙරලුනත්

ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න

හරිම අපූරුවට ලියල තියනව. සැහැල්ලුවක් හිතේ ඇතිකරන්න සමත් වන නිර්මාණයක්.

"අතේ සත පහක් නැහැ
හිනා වෙන්න කෙල්ලෙක් නැහැ
ජීවීතේම මෙලෝ රහක් නැහැ
අයියෝ… ඕවත් ප්‍රශ්නද
ගණන් ගන්න එපා - හිනා වෙලා ඉන්න"මේක නම් නිකන් මටම කිව්ව වගේ...:D:D:D

පද පෙල සරලයි වගේම ලස්සනයි.

අයියෝ ඕවත් ප්‍රශ්නද
ගනන් ගන්න එපා අයියෙ - හිනාම වෙන්න....:)

නයාට.. මේ සින්දුවේ විසිල් පාර්ට් එක හරි ලස්සනයි වගේම සෑහෙන ප්‍රසිද්ධයි. මම කාලයක් තිස්සෙ සින්දුවේ නම හෙව්වා මගේ ෆෝන් එකේ රිගින් ටෝන් එක විදිහට දා ගන්න. පස්සේ හොයාගෙන අහලා බලුවම සින්දුවම හරි ලස්සනයි. ඊට පස්සෙ තමයි හිතුනේ මෙහෙම දෙයක් කරලා ඔයාලා එක්කත් බෙදා හදා ගන්න.

ඉන්දි... මම නම් පුද්ගලිකව වැඩ කරමින් සිනා සෙන්න කියන සංකල්පයේ වැරද්දක් දකින්නෙ නැහැ. අපි කරන හැම වැඩක්ම හිනාවෙලා කරන්න පුළුවන්නම් කොච්චර දෙයක්ද...

ඒක "ටොෆියක්ද" කියන කාරණය ටිකක් හිතලා බලන්න ඕනේ... සමහරවිට වෙන්න පුළුවන්. ඒත් මට හිතෙනවා ඒක ටොෆියක් උනත් අඩුම ගානේ සිද්ධාලේප ටොෆියක්වත් වෙන්න ඕනේ...

ස්තූතියි සහෝ අදහසට...

ඉලංදාරියාට... ඔව් මචන් හැම වෙලාවෙම...

ඩීන් අයියට... ඔව් අයියේ මම මේ වගේ පරිවර්තන වැඩක් කරපු පළවෙනි වතාව. මුල් ගීතයත් ඉතා සරළයි. ඒ සරළ බව නැති කරන්න මටත් උවමනා වුනේ නැහැ.

දුකා අයියට... ස්තූතියි අයියේ...

චේජනාට.. ඔව්. ඔව්. හෙට මැරුණත් අද හිනාවෙන්න ඕනේ...

රේවන්ට.. ඔව් රේවන්.. ඒ ගීතයෙන් අපි හැමෝටම ගන්න පුළුවන් දෙයක් ඉතා සරළව කියලා දෙනවා.

හසිත මල්ලියට... ඔව් මල්ලියා ඒක ඔයා, මම ඇතුළු තව හුඟ දෙනෙකුටම කිව්ව කොටසක් වගේ...

ගීතය ගැන තව ටිකක් වැඩිපුර විස්තර දැනගන්න ඕනේ නම් මෙතැනට ගිහින් බලන්න...

ගණන් ගන්න එපා... හිනා වෙලා ඉන්න...

හරිම ලස්සනයි මල්ලි....

සල්ලි යනවා කියලද හිනාවෙන්න නේද ?
ඔන්න හිනාවෙලා ඉදිමු.
සරලයි, ලස්සනයි. මගෙ සංකල්පෙත් ඕකම තමයි.
නැට්ට පිටින් අලි මැරෙද්දි මේවත් ප්‍රශ්නද කියලා හිනාවෙලා ඉමු ... :D

චතුර අයියට... ස්තූතියි අයියේ...

ඒක තමයි පබලු... අපේ අම්මත් නිතර කියන කතාවක් තමයි නැට්ට පිටින් අලි මැරෙද්දි මේවත් ප්‍රශ්නද කියන කතාව...

"don't worry be happy" mey song eka nam maxxa... nirmaneth niyamai!! comments nokalath avith yannam.. t.c. b.c.

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails