..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...


ජීවිතය කොච්චර ලස්සනද... පුදුමාකාර සැහැල්ලුවක්...

හැම තිස්සෙම හිනාවෙනවා. ඉදලා හිටලා අඩන වෙලාවලුත් නැත්තෙ නැහැ. ඒත් ටික වෙලාවයි. ඊට පස්සෙ ඇඩුව ටිකටත් හරියන්න හිනා වෙනවා. ආදරය පිරිලා. යාලූවෝ පිරිලා. කට්ටියම එකතු වෙලා දවසින් දවස ගෙවා දානවා. ගෙවන හැම මොහොතකම සොදුරු මතකයන් එකින් එක ඇමිනිලා ලස්සන කතාවක් ගෙතෙනවා...

බලාපොරොත්තු එකින් එක ඉටු වෙනවා. ඒ වෙනුවට අලුත් අලුත් බලාපොරොත්තු සිය දහසක් සිත් යායට රිංගනවා. සැකයක් නැහැ. ඒ සියල්ලත් ඉටු වෙනවා. අහසේ පාවෙන වළාකුලකුයි මාවයි තරාදියක දාල කිරලා බලන්න. සත්තයි ! වලාකුලේ පැත්ත පහතට ගිහින් මගේ පැත්ත උඩට යාවී...




අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. නන්දා මාලිනියන්ගේ ගීතයක්. සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද රචනයක්. මෙම ගීතය ඇතුලත් වෙලා තිබුනේ 1976 දී තිරගත වෙච්චි "දියමන්ති" කියන චිත්‍රපටයේ. වාණිජ මෙන්ම විචාරක අතිනුත් ඉතා සාර්ථක වුනු දියමන්ති ශ්‍රී ලාංකීය චිත්‍රපට සංගීතයේ රන් සළකුණක්. මේ ගීතයත් එක්ක වික්ටර් රත්නායකයන්ගෙ "ගිගිරි ගීත රාවේ" කියන ගීතයත් ඇතුලත් වෙලා තිබුනු මෙම ච්ත්‍රපටය ඩී.ආර්. පීරිස්ගෙ සංගීත කර්තව්‍යයක්.

11 හිත මිතුරු කතා බහ:

හ්ම් ............
මගේ මේ කියන ලස්සන යොවුන් කාලය ඉවරයි(ඒත් මනසින් නම් තාම යොවුන්)
ඒ නිසා මම මෙහෙම කියන්නම්

සරස වසන්තය….ආයෙත් එනවා නම්....
මගේ තරුණවිය මං ඉල්ලා ගන්නම්....
අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන් යන්නට....
දෙනෝදහක් සිත් හංගන්නට
සැඟවූ පේමය නෙතින් කියන්නට...
කාත්කවුරුවත් නැතිසෙ ඉමාවක.....
හොරෙන්ම හමුවී නෙතින් දොඩන්නට....
සරස වසන්තය….ආයෙත් එනවා නම්....//
(අමරසිරි පීරිස්)

වත් අක්කෙ.. ඒක තමයි ලෝක සවභාවය නේද... කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒකත් එක්ක අපිට අනුගත වෙන්න වෙනවා.

ඒත් මම මෙතනදි කතා කරන්න උත්සහ කරන්නෙ ඒ සුන්දරත්වය ගැනම නෙවෙයි. පෝස්ට් එකේ මාතෘකාව ටිකක් බලන්නකෝ...

වරද්දන්නේ නැතිව ඇවිත් යනවට ගොඩක් පින්...!

කාලෙකට කලින් අහපු සින්දුවක් මාස ගානකට කලින් ආයේ අහන්න ලැබිලා එදා ඉඳන් නිතර කියවෙනවා .. . ඔයා ලස්සනට ආර්ට්වර්ක් එකට එකතු කරලා ඒ ගීතය . . නියමයි . . .

ඔය ලියපු සටහනත් හරිම අපූරුයි . . ජීවිතේ වලාකුලක් වගේ සැහැල්ලුවෙන් ඉන්න අයට . . . ඇත්ත තමයි . .

විශාරද නන්දා මාලනියන්ගේ කටහඩින් මමත් ආසම ගීතයක්....අයියගෙ සටහනත් ගොඩක් ලස්සනයි.....වළාකුලක් වගේ පාවෙලා යන්න ඇත්නම්....හැමවෙලාවෙම හිනාවෙලා......මේ ජීවිතය කොයිතරම් සුන්දර වෙයිද.....

ආසම සින්දුවක්..

ලස්සන සින්දුවක් අයියෙ..........ඔයාගෙ කියේශන් නම් පට්ට

දුකා අයියට... ගීතයක සාර්ථක බව කියන්නේ ඒක තමයි. ඒ ගීතය නිර්මානය වෙලා දැන් අවුරුදු 34 ක් වෙනවා. ඒ උනත් තාමත් ඒ ගීතයේ රස නොනැසි පවතිනවා.

ගොඩක් ස්තූතියි අයියේ මේ පැත්තට ඇවිත් ගියාට...

m3pium නංගියාට... ඔව් නංගියා ඇත්තටම එහෙම පුළුවන්නම් කොච්චර දෙයක්ද... ඒත් ඒක අපි ඔක්කොටම හීනයක් විතරයි.

ගොඩක් ස්තූතියි නංගියාට මේ පැත්තට ඇවිත් ගියාට...

පිටස්තරයට... ස්තූතියි සහෝ...

හසිත මල්ලියට... ගොඩක් ස්තූතියි මල්ලියා ඇගයීමට...

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails