..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

කරදර එනකොට පොදි බැදගෙන එන්නෙ කියන කතාවේ ඇත්ත මමනම් මේ දවස් ටිකේ හොදටම අත් විදිනවා. කොම්පියුටර් එකේ මදර් බෝර්ඩ් එක පිච්චුනා. වැස්සට ගෙට වතුර දානවා. වතුරේ ඉදලා දැන් නහයත් බුරුල් වෙලා. ප්‍රශ්න වැලයි...

කොහොමෙන් කොහොම හරි මුල් ප්‍රශ්නය විසදා ගත්තා ඊයේ දවසේ. ආයෙමත් කොම්පුටර් එක වැඩ. ඒත් තිබුනු වැඩසටහන් මුකුත් නැහැ. තියාගෙන හිටිය සෙටප් ෆෝල්ඩර්ස් ටිකත් ෆෝර්මැට් කරද්දී නැතිව ගිහිල්ලා. හැම එකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එකත් වැඩකරන හොර කොපි හොයාගන්න ඕනෙනේ. නැතිව ඔරිජිනල් ගන්න සල්ලි තියෙනවා කියලයෑ...

~ ~ ~ ~


මේ මැයි මාසය... ගිය අවුරුද්දෙ මැයි මාසය ශ්‍රී ලාංකිකයෝ වෙච්චි අපිට අමරණිය මාසයක්. අවුරුදු විසි ගානක් තිස්සෙ තිබිච්චි කාලකණ්නි යුද්ධය පටන් ගත්තු, මෙහෙයවපු උන්මත්තකයා අපේ කොල්ලෙක්ගේ වෙඩි පාරකින් මැරිලා වැටුනා. ඒ මානසික අසහන කාරයගේ මරණයත් එක්ක තිබිච්චි හැම ප්‍රශ්ණයක්ම නොවිසදුනත් රට ආපස්සට ඇද ඇද හිටිය මහා නාස්තියක් නවතුනා...

ඒ අවසන් මොහොත වෙනකම් අපේ වීරෝධාර කොල්ලො ටික ආපු ගමන ගැන මුලු ලෝකයම තාමත් පුදුම වෙනවා. තමන් අත ගහපු හැම යුද්ධයක්ම අනාගන්න කොට ලෝකේ සිතියමේ වැරදිලා වැදිච්චි පෑන් තිතක් වගේ රටක ඉන්න කොල්ලෝ ටිකක් මෙච්චර වික්‍රමයක් කලාද කියලා උන්ට තාමත් ඇස් අදහා ගන්න බැහැ. කොටින්ගේ ඩයස්පෝරාව මවලා තිබුනු "LTTE එකකාටවත් පරද්දන්න බැහැ" කියන බොරු ප්‍රතිරූපය සුනු විසුනු වෙලා යනකොට උන් කොච්චර දේවල් කලාද මේ ගමන නවත්තන්න. ඒත් අපේ කොල්ලෝ නෙවෙයි සැලුනේ...

ඒ අභීත විරුවන්ට අපේ ගෞරවය හිමි වෙන්න ඕනේ. අපි හිනා වෙන්නෙ, අපේ අම්මලා තාත්තලා හිනා වෙන්නෙ, අනාගතේ ඉපදෙන අපේ දරුවෝ හිනා වෙන්නෙ ඒ සොයුරු සොයුරියන් ඒ දවස් වල කරපු කැප කිරීම් හින්දයි.

සොයුර... උඹට ජාතී ජාතිත් පින්....

13 හිත මිතුරු කතා බහ:

eka atha machoooooooo
un jivitha puja karala rata rakalaa dunnea nathinam......

api koheda kiyalaawath hitha ganna bahA...

අපි ඔවුනට ණයගැතියි. අගනා සටහනක් මල්ලී.

ඔය හොර කොපි කෙරුවාව අතෑරලා ගන්නකො ඔරිජිනල් foss බඩු

ඔව් ඉලංදාරියා... ඔහොම මර්ධනය කරන්නෙ නැතිව තව ටික දවසක් කොටින්ට වර්ධනය වෙන්න අවස්ථාව ලැබුනනම් ලංකාවේ ඉරණම මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා...

ඩීන් අයියට... ඔව් අයියේ ඒ ණය අපිට කොහොමටවත් ගෙවලා ඉවර කරන්න බැරි වේවී...

ඔව් අයියෙ ඒ අයියල අක්කල කරපු සේවයනම් අපිට කවදාවත් අමතක කරන්න පුලුවන් එකක් නෙමේ...හොද පෝස්ට් එකක්

අයියෝ ඔයාට වෙලා තියෙන් දේවල් මේ දවස් වල සෙනසුරුද දන්නෑ ..හික්ස්

අයියෙ හොර බඩු නැතුව නියම ජෙනුයින් FOSS පාවිච්චි කරන්නකො...පට්ට මමත් මුලදි FOSS ගනන් ගත්තෙ වත් නෑ....ඒත් දැන්නම් අත හරින්න බෑ අයියෙ.....උබුන්ටු අලුත් එකත් සිරාම තමයි

ඇත්තටම අපේ ඒ ආදරණිය සොයුරන්ට අපි සදා ණයගැතියි...

nadeesthought මමත් ට්‍රයි කලා බන්... අර ෆොටෝ ශොප් එකට තියෙන FOSS එක GIMP කියන එකත් අරගත්තා. ඒත් ඒක ෆොටෝ ශොප් එකට වැඩිය ගොඩක් වෙනස්... user friendly නැහැ මචන්.. දැන් ෆොටෝශොප් සෙටප් හොයනවා...

මොනවා උනත් අදහසට ස්තූතියි මචන්...

හසිත මල්ලියට..ඔව් මල්ලියා අපි හිත එක තැනක තියගෙන ඉගෙන ගත්තෙ, පිස්සු නැටුවේ ඒ අයියලා අක්කලා කරපු කැපකිරීම් හින්දයි...

සෙනසුරු තමයි මල්ලියා.. අපේ අම්මත් කියනවා..:) :)

මම වගේ කොම්පීතර අතගාන අයට foss හරියන්නෙ නෙහැ මල්ලෝ. ඒවා නෝර්මල් ඒවා තරම් user friendly නැහැනේ..

මම.. ඔව් සිස්. ඒ ණය අපි කොහොම ගෙවලා ඉවර කරන්නද..

හ්ම් ... හරිම අගනා ලිපියක්.... වචනෙකින් හරි කළගුණ දක්වන්න පුලුවන් නම් කොයිතරම් වටිනවද෴෴

ඔව් වත් අක්කේ.. එහෙමවත් නොකෙරුවොත් අපේ ජාතිය හරිම ගුණමකු ජාතියක් වෙනවා...

හ්ම්... අගනා පද පෙළක් මල්ලී...ජීවිත පරිත්‍යාගයෙන් ඔවුන් අපට රැක දුන් රට...

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails