..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

මට ලබලා තිබුනු නරක කාලය තවම ඉවර නැහැ වගේ...


මට තියෙන්නෙ ඩයලොග් අන්තර්ජාල සම්බන්ධතාවයක්. අර ඩොංගල් එකක් USB එකට ගහලා ජාල ගතවෙන්න තියෙන්නෙ... ඒකේ තියෙනෙවා සාධරණ භාවිතා කිරීමේ ප්‍රතිපත්තිය කියලා එකක්. ඒ කියන්නෙ මගේ අන්තර්ජාල භාවිතය 5GB ඉක්මවලා ගියහම සම්බන්ධතාවය මන්දගාමි වෙනවා... මන්දගාමි වෙනවා කිව්වව නැහැ වගේ තමයි. පිටුවකින් පිටුවකට මාරු වෙන්න හැට පැයක් යනවා...

ඉතින් මේ මාසේ මගෙ ඒ සීමාව පැනලා. දැන් ඉතින් මොකුත් කර කියා ගන්න බැරිව 15 වෙනිදා වෙනකම් ඇටි කෙහෙල් කාපූ උඟුඩුවා වගේ ඉන්න වෙනවා. කියන්න දේවල් ටිකකුත් තියෙනවා. කරපු නිර්මාණ දෙකකුත් තියෙනවා. ඒ අතරින් සීගිරි.කොම් එකේ කට්ටිය එකතු වෙලා කරපු වෙසක් සත්කාර්‍යෙ කතාවත් ඒ වෙලාවේ දකපු සිද්ධියක් හින්දා මට ආපු සිතුවිල්ලත් ඔයගොල්ලන් එක්ක බෙදා හදා ගන්න ආසාවෙන් ඉන්න. නිර්මානයට එකතු කරන්න පින්තූරයක් දෙකක් ඩවුන්ලෝඩ් කරගන්න සෑහෙන වෙලාවක් යනවනේ...

ඉතින් යාලුවනේ... 15 වෙනිදා වෙනකම් මට තරහා අවසර...!

6 හිත මිතුරු කතා බහ:

ඕන් අවසර. 15 වෙනිදායින් පස්සේ නිකම් හිටිය ඒවටත් එක්ක O.T කරන්න වෙයි වගේ :)

හසිත කියන්නේ ඇත්ත... 15න් පස්සෙ බලාගමු හරිද මින්දද .

හරි අයියෙ 15 වෙනිදයින් පස්සෙ අපිට ඕව හැම එකක්ම ඕනේ...

අයියෙ ඔයාට මොබයිල් සිම් එකක් තියෙනවනම් ඒකෙ ටික දවසකට ෆ්‍රීපේඩ් ඩේට එකවුන්ට් එකක් ඇක්ටිව් කරගන්නකො

එයාටෙල් එකේ 400mb රු.99
මොබිටෙල් 200mb රු.98

දැන් 15 ෙනෙෙවයි 5 ෙවනිද කියල කව්ද කිව්ව

අයියෝ බන් ඕක අප්ග්‍රේඩ් කර ගනින්කෝ . . .

(උඹ නම් කියයි කෝ සල්ලි අයියේ කියල එහෙම අහනවා නෙවෙයි ඕන්)

හික්ස්

කවදද මල්ලියේ උඹ එන්නේ...... ගොඩක් කල් ගිහින් වගේ...ඉක්මනින් වරෝ...........

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails