..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

තියෙන පුංචි වෙලාවෙන් අලුත් පෝස්ට් එකක් දානවද, නැත්නම් උදේ දාපූ පෝස්ට් එකේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවද කියලා ටිකක් කල්පනා කරලා බලපුවහම හිතුනා, මොකක්හරි අලුත් දෙයක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න එකත් ඔයාලට ස්තූතියි කියන්න පුලුවන් එක්තරා විදිහක් නේද කියලා... ඒ හින්දා දැන් මම අර උඟුඩු සෙයියාවෙන් හිටපු දවස් වල කරපු නිර්මානයක් පල කරන්නයි යන්නෙ...

එදිනෙදා පාරේ තොටේ යනකොට අසරණ කමට අපෙන් යමක් ඉල්ලගන්න එන මිනිස්සු කී දෙනෙක් අපිට දවස ගානේ මුණ ගැහෙනවද.. උදේ හවස බස් එකෙන් රැකියාවට යන එන අය ඔය අත්දැකීම ඕනේ තරම් විඳලා ඇති. "හිඟන්නෝ" කියලා සර්වනාමයෙන් අපි ඒ අය හැමෝම හැදින්නුවාට ඒ අය අතරත් නොයෙකාකාර ගැහැණු පිරිමි ඉන්නවා. නමුත් ඒ අය අතරිනුත් අන්තම අසරණයන් ඒ අයගේ පුංචි ළමයි...



ඒ අයට ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් පවා සපුරා ගන්න එක ඉර පායපූ වෙලාවේ ඉදන් බැහැලා යන මොහොත වෙනකම් තියෙන මාරාන්තික තරගයක්. අපි සමහර වෙලාවට ඒ මිනිස්සු දිහා පිළිකුලෙන් බැලුවට ඒ මිනිස්සුන්ගේ හිත් අපේ හිත් වලට වඩා කොච්චර හයියද කියලා මොහොතක් වත් අපි කල්පනා කරලා තියෙනවද...

ඉතින් මං මගේ යාලුවෝ හැමෝටම ආරාධනා කරනවා පොඩ්ඩක් ඒ ගැන හිතන්න කියලා... අපේ ජීවිතයෙත් සමහර වෙලාවට එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඒක පන්නරයක් වේවි.

10 හිත මිතුරු කතා බහ:

ඕකට තමයි මල්ලි කියන්නේ ගෝලීකරණය සම්පත් අසමව බෙදීම හෙවත් " Resources are not equally distributed" කියල...රටක අතිරික්ත ආහාර මුහුදට දාන අතරේ තවත් රටක සතියකින් වත් කිසිම අහරක් නැතිව කී දෙනෙක් මැරෙනවද.... වෙන මොවත් නෙමෙයි කරුමේ කරුමේ... මිහිපිට අපාය තමයි ඒ... ඔන්න බදාගෙන කෑවොත් ඉළඟ ආත්මේ අපිත් ඒ ගොඩට තමයි මල්ලියා.....

හැබැයි ඉතින් මෙහෙම කතාවකුත් තියෙනව... අපියි කියල ඈති හැකිම උදවියත් නෙමෙයි. නැති බැරිම අයත් නෙමෙයි...

ඔන්න අපි කට්ටිය එකතු වෙලා ගෙයක් දොරක් හදා දෙනව නැති බැරි කෙනෙක්ට... ඊට පහුවෙනිද ඒ මනුස්සය ඒ ගේ කුලියට දීල ආයෙත් හිගමනට බහිනව.... ඉතින් ....???????

ඕක ඉතින් ඒ මිනිස්සු ලබා උපන් හැටි තමා......

ගැඹුරු විමසුමක් කරන සරල පද පෙලක්, ගොඩාක් සාර්ථකයි මල්ලී.

මේක ලෝ තලයේ භෞතික, දේශපාලණික හෝ කිසිම වෙනසක් නැතිව හැමතැනම සිදුවන අවාසනාවන්ත සිදුවීමක්. මිලියන ගනන් අඩුම ගානේ කන්න මොනවා හෝ, හරියට බොන්න වතුර උගුරක් නැතිව කල් ගෙවනවා. ඒත් මේ ලෝකය විවිධ ග්‍රහලෝක අත්පත් කරගෙන යුද ශක්තිය තර කර ගන්න තරඟයක...

මිනිසුන් සේ ලැජ්ජා විය යුතුයි.

හෙන ගානක් දීල අපි වැඩකට නැති දෙවල් ගන්නවා...ඒත් ඔයවගේ කෙනෙකුට දෙන රු.5නෙත් ඒ මොනව කරන්නෙ මොනවද කියල හොයනවා...අනේ මන්ද අපේ මිනිස්සු

අපේ ආගමේ හැටියට නම් ඕක කරුමෙමෙ තමයි අයියෙ....වත් අක්ක කිව්ව වගේ අපිත් මේ ආත්මෙ බදා ගෙන හිටියොත් ලබන ආත්මෙ අපිටත් ඔය ටිකම තමා

මම නම් ගොඩක් වෙලාවට මේ පොඩි හිඟන්නන්ට සල්ලි දෙන්න අකමැතියි එකේන් ඒ අයව දිරි ගනවනවා කියලා හිතෙනවා. මගේ ලඟට ආපු ඊහ්ම අයගෙන් මම ඉස්සර අහලා තියෙනවා ඔයාලට ඉගෙන ගන්න පුලුවන් විදිහට ළමා නිවාසයකට භාර දෙන්න ද කියලා . . ඒ අය දුවනවා පැත්ත වත් නොබලා. ඉරිදාට ටියුෂන් නවත්වන්න නීති ගේන අයට බැරි ඇයි මේ පොඩි ළමයින්ව හිඟන්නෝ කරන එක නීති මගින් නතර කරන්න බැරි . .

බොසා තරහවෙන්න එපා මම නම් කිසිම හිඟන්නෙකුට සතයක්වත් දෙන්නෙ නෑ...හිඟන්නෙක් මේ පෝස්ට් එක බලනවනම් මට ඊ මේල් එකක් එවන්න මගේ පින්තූරෙ එවන්නම් මාව ඔයාල ෆලෝ කරල වැඩක් නෑ කියල දා ගන්න.
*.මම අත නැති මිනිහෙක් වගා කරනව දැකල තියෙනව....
*කකුල් 2ම නැති මිනිහෙක් ඇවිදින්න ට්‍රයි කරනව දැකල තියනව...
*හිඟන අම්මල තාත්තල උන්ගෙ පැටවුන්ට හිඟාකෑම පුරුදුකරනව දැකල තියන්ව..
*ඉන්ජෙක්ෂන් ගන්න සල්ලි නැති රෝගින් පිලිකාවලින් මැරෙනව දැකල තියෙනව.
*ගන්න සල්ලිවලින් කසිප්පු ගහන හිඟන්නො දැකල තියනව...
*වේල් දෙකක් නොකා එකක් කාල ජීවත් වෙන එහෙත් හිඟන්නො නොවන අය දැකල තියනව..
*හිඟන්නට 10ක් දීල දිවියලෝකෙ යන්න ට්‍රයි කරන තමන්ගෙ සේවකයට දවසට 400ක් ගෙවන හාම්පුත්තු දැකල තියන්ව....
*දවසට 1000ක් ගත්තත් ඔක්කොම විනාස කර්ගන්න හිඟන්නොයි 100ක් අරගෙන ඒකෙන් 10ක් වත් කැටේකට දාන්නපුරුදූන මිනිස්සුයි දැකල තියනව...*
වැඩක් කරන්න පටන්ගන්න කොට තමා අමාරු ඔය හිඟන්නට ඒ වැඩේ උගෙ ජොබ් එක..ඔයා හිතන්න ඔයා ෆලෝකරන ඉන්ෂුවරන්ස් කාරයො..පව් කියල අපිට එන හැමෑකාගෙන්ම ඉන්ෂුවරන්ස් ගන්න බෑ නෙ..ඔයාලත් ඔක්කොමල්ල හිඟන්නොන්ට සල්ලි නොදී හිටියොත් කවදහරි උන් පුනරුත්තාපනය කරන්න පුලුවන් වෙයි....

වත් අක්කට..
ඔව් වත් අක්කෙ ධනවාදයේ එක් දුර්වලකමක් වෙච්චි සම්පත් බෙදීයාමේ විෂමතාව හින්දා තමයි ඔය වගේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නෙ. ඇති එකාට ගලන්න තිබුනට නැති එකාට ලේව කන්නවත් නැහැ. නමුත් අක්කෙ ඒක ඒ අයගේ කරුමය කියලා අනෙක් අය පැත්තකට වෙලා ඉන්න එක ගැන චුට්ටක් හිතන්න කියන්නයි මම අදහස් කලේ...

අර හසිත මල්ලිය කියලා තියෙන කාරණය තමයි මට හුඟක්ම කියාගන්න ඕනේ වුනේ. අපි සමහර වෙලාවට පුහු දේවල් පස්සෙ දුවනවා. නමුත් මේ ලෝකේ ජීවත් වෙන්න අවශ්‍යය අල්ප දෙයක්වත් නොලැබිච්චි, එදිනෙදා ජීවිතයේ අපට මුණගැහෙන මිනිස්සු අපි අතරම ඕනේ තරම් ඉන්නවා කියන කාරණයයි මට කට්ටියටම මතක් කරලා දෙන්න ඕනේ වුනේ. ඒකෙන් අපි සමහර වෙලාවට කරන පුහු දේවල් අඩු කරගන්නවත් පුංචි උදව්වක් වේවී.

ඔව් වත් අක්කේ.. ඒ කතාවත් ඇත්ත. හිඟමනත් දැන් ලාභදායි බිස්නස් එකක් කියන එක ප්‍රසිද්ධ රහසක්. නමුත් මම තාමත් කවුරුහරු හිඟන්නෙක් ආවොත් අතේ සිල්ලර තියෙනවානම් දෙනවා. මොකද මට රුපියලක් නෙවෙයි කෝටියක් දෙනවා කිව්වත් ඒ තරම් පහත් තත්ත්වයකට වැටෙන්න බැහැ. ඒ හින්දා මට ඒ වෙලාවට හිතෙන්නෙ මේ අය මෙහෙම ඉල්ලගෙන එන්නෙ ඇත්තටම ඒ අයට කරකියාගන්න දෙයක් නැති හින්දයි කියලා...

ඔව් ndm1989.. ඒකත් එක හේතුවක් තමයි.. ඒ හින්දා වත් අක්කා කියලා තියෙනවා වගේ ඊලඟ ආත්මේ අපිත් එහෙම ලබා නූපන්න බලාගෙන වැඩ කලොත් හරි කියලා කියන්නයි මම උත්සහ කලේ...

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails