..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

කොහොමද යාලුවනේ...

හුඟක් දවසකට පස්සෙ බ්ලොග් එකට එන්න පුලුවන් වුනේ. 15 වෙනිදා වෙනකම් ඇටි කෙහෙල් කාපු උඟුඩුවා වගේ ඉන්න හිතන් හිටියට මට යාලුවෙක් කිව්වා මචන් දවසකට රු.100 ගානෙ ගෙවලා වේගය හදාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා කියලා. පස්සෙ කොහොමද කරන්නෙ කියලා අහගන්න ඩයලොග් එකට කතාකලහම කිව්වා දැන් ගාන රු.250 ක්ලු. ඕන්න ඔහේ ඕනෙ වෙඩින් එකක් වෙච්චාවේ කියලා හිතාගෙන ඊයේ රෑ ඒ ක්‍රමය පටන් ගත්තා. දැන් 14 වෙනිදා වෙනකම් දවසකට රු.250 යි ප්ල්ස් ටැක්සුයි ගෙවන්න වෙනවා. වෙන මොනවා කරන්නද... පුලුවන් කෙනෙක් මට කීයක් හරි එවන්න එන මාසේ බිල ගෙවාගන්න හරිද...

ඉතින් සැළකිය යුතු කාලයක් මට ඔයාලගෙන් වෙන් වෙලා ඉන්න වුනානේ... වත් අක්කනම් මං නැති කාලෙත් ඇවිත් ගිහින් තිබුනා. ඒ ලෙංගතුකමට වත් අක්කට ගොඩක් පින්. ගොඩක් කට්ටිය ගොඩක් නිර්මාන, ජීවන අත්දැකීම් පල කරලා තිබුනා. ඒ ඔක්කොම හිමින් සැරේ කියවලා බලන්න ඕනේ. සති දෙකක විතර පෝස්ට්ස්..

මමත් පහුගිය දවස් ටිකේ හිතට ආපු දේවල් ටිකක් කුරුටු ගෑවා. ඒවත් මම පල කරන්නන්කෝ ඉක්මණටම. ඉතින් ඒ නිර්මාන බෙදා හදා ගන්න ඉස්සර වගේම මගේ යාලුවෝ ටිකට මේ බ්ලොග් එකට ඇවිත් යන්න කියලා මම ආරාධනා කරනවා...


අමරදේවයන් ගායනා කරන මෙම ගීතය ඔයාලා කවුරුත් අහලා ඇති. විජය ධර්මශ්‍රී අධ්‍යක්ෂනය කරපු "ආරාධනා" චිත්‍රපටයේ තමයි මෙම ගීතය අඩංගු වෙලා තිබුනේ. රවින්ද්‍ර-මාලිනි සුසංයෝගය රංගනයෙන් දායක වෙච්චි මෙම චිත්‍රපටය සිංහල සිනමාවේ වාණිජ සිනමා දාරාවේ සුවිශේෂි සළකුණක්. ආදරය වගේම විරහවත් එක සේ මුහු කරලා නිර්මානය වෙලා තිබුනු මේ චිත්‍රපටය මගින් සරළ සැහැල්ලු ආදරය විදිනවා වගේම අපි ටිකක් බරපතලව හිතන්නත් ඕනේ කියලා මතක් කරලා දෙනවා. සංගීතය අතිනුත් ඉතාමත් සාර්ථක වෙච්චි මෙහිම තමයි "සීත අරණේ සුපුල් නාමල..." කියන ගීතයත් ඇතුලත් වෙලා තිබුනේ. අහලම බලන්නකෝ...


ඉතින් මම කලින් කිව්වා වගේම ආයෙමත් මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරධනා කරනවා..

කට්ටියටම සුබ දවසක්...!

5 හිත මිතුරු කතා බහ:

අයිය ඉක්මනටම වැඩේ ගොඩ දාගෙන අපිට කුරුටුගාපුව දෙන්නකො...අපිටත් බලල මොනවහරි කුරුටු ගාන්න

මෙන්න එන්න එන්න කට්ටියම එන්න..... මින්දද ඈවිත් ... නැහැ නැහැ අනේ අර ඊතල විදින කෙනා නෙමෙයි... මේ අපේ බිලොග් ලියන මින්දද මල්ලි.........

ගීතය ගැන නම් ආයෙ කියන්නෙ මොනාද මල්ලියා..... මයි පේවරිට් ...

මින්දද හිසර වැදි සැලෙන හද... කෑගැස්සෙනවා...

මට සින්දුව අහන්න බැහැ .. ප්ලෙ බට්ටන් එක වැඩ කරන්නෙ නැහැ. මොකද්ද සින්දුව " ජිවිතයෙ තැනි මංසල අතරමන් වෙලා... " කියන සින්දුවද....

කාලෙකින් තමයි දැක්කෙ...

ගොඩක් දවසකින් ඔයා...
ලස්සන සින්දුවකුත් අරගෙන...ඇවිත්
සතු‍ටුයි ඔයා ඉන්නව දැක්කම..

Nice song one of my fav fav . really love this picture too . gesture of this female sitting infront of lonly sea beach , its so poetic .

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails