..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...


ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් අද කාලේක හිටියනම් කාගේ කාගෙත් අතේ තියෙන මොබයිල් ෆෝන්ස් ටික දැකලා ෂුවර් එකටම හිතේවී...

"අප්පට සිරි ගජ ! කාලෙකට ඉස්සර මම හොයාගත්ත භාණ්ඩෙද මේ මුන් හැම එකාම සාක්කුවේ දාගෙන යන්නෙ..." කියලා.

ඒ තරමටම දුරකතනය කියන උපාංගය අද පරිණාමය වෙලා. ජංගමයගේ සොයා ගැනීමත් එක්ක අවුරුදු පහ හයකටත් ඉස්සර සුඛෝපභෝගී භාණ්ඩයක් කියලා සළකපු දුරකතන අද කාගේ අතෙත් තියෙන අත්‍යාවශ්‍යය භාණ්ඩයක් වෙලා. ඒ මදිවට අතේ තියෙන්නෙ ෆෝන් එකක්ද නැත්නම් ටීවී එකක් හරි කොම්පියුටරයක්ද හරිද කියලා හිතෙන තරමටම අලුත් අලුත් කෑලී බෑලි හැමදාම එකතුත් වෙනවා...

ජංගමේ දියුණුවත් එක්ක සිද්ද වෙච්චි තවත් දේවල් තියෙනවා. ඔයාලා දන්නවද... ඒ තාක්ෂණයේ සිද්දවෙච්චි සීග්‍රගාමී වර්ධනය කාර් මාර්කට් එකටත් ඉතා තදින් බලපෑවා...

ඕනේ වෙලාවක, ඕනේ විදිහකට කතාබහ කරන්න පුළුවන් හින්දා හොඳට වචන පාවිච්චි කරන්න දන්න අය ලියකියවිලි හදන්නත් කලියෙන් අලුත් කිරි කිරි කාර් එකේ වටයක් දෙකක් ගහන්න චාන්ස් එක හදාගන්නවා. ඔය රවුමක් ගහන වෙලාවක මොනවාහරි පොඩි මිස් එකක් ගිහිල්ලා කාර් එකේ පලුද්දක් ඇති උනොත් බඩුම තමයි... කාර් එක සෙකන්ඩ් හෑන්ඩ් ගාණට තමයි දෙන්න වෙන්නේ. ඒකටත් ඉතින් බයර් කෙනෙක් සෙට් වෙන්න එපැයි....

හැබයි දැන් දැන් තියෙන ට්‍රෙන්ඩ් එක තමයි සෙකන්ඩ් හෑන්ඩ් කාර් වලටත් මාර්කට් එකක් හැදීගෙන එනවා. කට්ටිය කියන්නෙ "මචං හිමින් පදින්න ඕනේ කියලා දෙයකුත් නැහැ... එහෙන් මෙහෙන් ඇඹරෙන්න ඕනේත් නැහැ. ඇන්ජින් එක සීසන් වෙලා තියෙන එකේ ගත්තා ගියා විතරයිනේ" කියලා. ඒත් මටනම් හිතෙන්නෙ අලුත් කාර් එකක තියෙන අලුත් සුවඳ ඔය සීසන් වුනැයි කියන කාර්වල නැහැ...

ඒ හින්දා ට්‍රයල් යන්නම ඕනේනම් විශ්වාසවන්න බයර් කෙනෙක් එක්ක ට්‍රයල් යනවානම් හොඳයි... එහෙම නැතනම් මුලු ජීවිත කාලේටම බයර් කෙනෙක් හොයාගන්න බැරිව කාර් එක ඕපන් පේපර්ස් තියාගෙන ඉන්න වේවී...

(ප.ලි : සමහරවිට බෙල් මහත්තයට "අප්පට සිරි ගජ" කියලම හිතෙන්නෙ නැතිවෙයි. මොකද මිනිහා ලංකාවේ පොරක් නෙවෙයිනේ...)

19 හිත මිතුරු කතා බහ:

maXaa

නියමයි අයියෙ නියමයි......ආයි කියල වැඩක් නෑ

sorry.com ආහ්....
තාක්ෂණය දියුණුයි .ලෝකෙත් දියුණුයි ඒත් මිනිස්සුන්ගෙ හැඟිම් හිත් පෙර පරිදිමයි.. ඒකයි මේ ඔක්කම...

"අප්පට සිරි ගජ" කියලම හිතෙන්නෙ නැති උනාට අනේ මම කරලා තියෙන වින්නෙහියක් ලන්කාවට කියලා නම් හිතෙනවා ශුවර්..... එල එල දිගටම ලියන්න

wow ayye niyamai meka

කවිය නම් ඊයෙ කියෙව්ව.යටින් ලියපු ටික දැක්කේ අද...නියමයි මචන්.
හැබැයි මචෝ අලූත් කාර් එකක් ගන්න හිතුවා වගේ නෙවෙයි.හරියටම අළුත්ද කියල දැන ගන්න එක තමයි ටිකක් අමාරු.ගත්තට පස්සෙ පරනයි කියල විසි කරන්නයැ.
නිකන් ඉන්න එකේ අහුවෙන දෙක තුනක් පදිනෙක කෝකටත් හොදයි මගෙ හිතේ..:lol:

කවිය නියමම නියමයි...

මේක නම් පට්ට මචන්... කවියයි කතාවයි දෙකම.... maxxxa...

@ Neon : Thanks Neon

@ හසිත : ස්තූතියි මල්ලියා...

@ වත් අක්කා : ඇත්තටම අක්කගේ අදහස මට ඒ තරම්ම පැහැදිලි නැහැ. ඒත් මම තේරුම් ගත්තේ මෙහෙමයි.

තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට ඉස්සරට වැඩිය මිනිස්සු එක්ක ගැටෙන්න, අවස්ථා එක්ක මුහු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ තරම් හොඳ නරක තෝරාගන්න තරම් මිනිස්සු දියුණු වෙලා නැහැ කියලා...

නැත්නම් තාක්ෂණය කොච්චර දියුණු උනත් මිනිස්සු තාමත් හණමිටි අදහස් දරනවා කියන එකද...

නැත්නම් මේ දෙකම නෙවෙයිද...

@ දේවා : ඇත්තටම සහෝ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. ඔයා මම එකිනෙකා හමුවෙන්නෙත් ඒ මනුස්සයගේ සොයාගැනීමෙ දිගුවක ප්‍රථිඵලයක් විදිහට.. ඒ වගේම ඇතිවෙච්චි නරක දේවලුත් ඕනේ තරම් තියෙනවා...

ස්තූතියි සහෝ අදහසට...

@ ZuRieL : ස්තූතියි නංගියා...

@ cspmaxx : උඹ කියලා තියෙන කතාවෙත් ඇත්තක් තියෙනවා.... එල !

@ Naya : ස්තූතියි දිරිගැන්වීමට...

@ නිශාචරයා Nishacharaya : ස්තූතියි සහෝ...

නියම කතාව. දිගටම ලියන්න.

@ ප්‍රසන්න : ස්තූතියි සහෝ...

මැක්සා; පට්ට ; එළකිරි ; ඔය වගේ වචනයකින් කෙටියෙන් හඳුන්වන්න පුළුවන්, මගේ භාෂාවෙන් නම් අපූරු නිර්මාණයක්. ඔබ තුල තිබෙන ගවේශනශීලිත්වය අපූරුයි. ඔබ මේ ලොව ගැන අවදියෙන් ඉන්න බව පෙන්වන තවත් අපූරු නිර්මාණයක් මල්ලියා....

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails