..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

ආදරය...

අනේ මන්දා... මේ දවස් වල මම ආදරය ගැන කතා කරනවා වැඩියි වගේ. කමක් නැහැ. ආදරය කියන්නෙ කොයි තරම් කතා කලත් තවත් ටිකක් කතා කරන්න ඉතිරි වෙන සුන්දර මාතෘකාවක්නේ... අනෙක් එක අපි හැමෝම ආදරය විඳලා තියෙනවා. තවමත් විඳිනවා. ඉස්සරහටත් විඳිවී... ලෝකය පවතින තුරු එහෙම තමයි. කැමතිනම් ටිකක් මතක් කරගන්නකෝ...

මතකද කවදහරි මොහොතක් ඔයාටම ඔයා විඳින ආදරය විස්තර කරගන්න බැරිවෙච්චි... ආදරය හිතපුරාම විහිදිලා හැම ඉඩක්ම අත්පත් කරගෙන හිතන්නවත්, වචන ගලපාගන්නවත් ඉඩක් දීපු නැති වෙලාවක්... නොහිතපු මොහොතක මග අරින්න බැරි කෙනෙක් "ඔයා මට කොයි තරම් ආදරයිද..." කියලා අහපු වෙලාවක්... නැතිවෙන්න විදිහක් නැහැ.

ආදරය හා ගීතය කියන්නෙ කොයි තරම් හැඟුම්බර එකමුතුවක්ද.. ඉවසීමෙන් තෝරාගත්තු වචනයෙන් වචනය එකතු කරලා සිත්තම් කරපු පද වැලකට සත්සර කියන වර්ණයන් එකතුවෙලා ඇදෙන සොදුරුතම සිතුවමකින් ආදරයක දිග පළල කියවෙනකොට කොයි තරම් චමත්කාරද...

අර කියපු ප්‍රශනය මගෙන් අහපු වෙලාවක මමත් අසරණ වුනා. නමුත් ඒ වෙලාවේ මගේ පිහිටට ගීතයක් උන්නා. අහලා බලන්නකෝ...



අඩුම ගානේ 1985 ටවත් කලින් ඉපැදුනු අයට "ගංගා නිස්සංක" හොඳට මතක ඇති. නාට්‍යය මතක නැති වුනත් මේ ගීතයනම් අනිවාර්යෙන්ම මතක ඇති. හරිම ළයාන්විත ගීතයක්... නෙතු පියවෙන්නෙ ඉබේටමයි...


තවත් කාරණා දෙකක් නොකියාම බැහැ. මම මේ ගීතයට කොයි තරම් ආසාකලත් මා ගාව මේ ගීතය තිබුනේ නැහැ. අන්තිමේදි මට මේ ගීතය හොයලා දුන්නෙ එලකිරි එකේ සුරංග. ඒ වෙනුවෙන් මම සුරංගට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

අනෙක් කාරණය මම මේ උඩ ෆොටෝශොප් එකට යොදාගෙන තියෙන සිංහල ෆොන්ට් එක ගැන. ඒක මම සෑහෙන කාලයක් තිස්සෙ හොයපු එකක්. කොච්චර හෙව්වද කිව්වොත් ඇත්තටම අන්තීමේදී හොයන එක අත ඇරලා දාලා හිටියේ. ඒත් කොහොම හරි ගිය සතියෙ සීගිරී එකේ හිතමිතුරු කියලා මිත්‍රයෙක් මට ඒ ෆොන්ට් එක හොයලා දුන්නා. ඔහුනම් ඇත්තටම හිතමිතුරෙක්...


7 හිත මිතුරු කතා බහ:

same taste......... මම හරිම කැමති ගීතයක්.. ගීතයේ සංගීතය හිත නිවනව... ආදරේ ගැන හරිම පැහැදිලි , කලබල නැති ගිතයක්...
ස්තූතියි ඔබට෴

වත් අක්කේ.. උණු උණු කමෙන්ට්ස්... ගොඩක් ස්තූතියි අක්කේ.

සේම් ටේස්ට් තමයි. අහල නැද්ද කතාවක් එක වගේ කුරුල්ලෝ එකට පියාඹනවා කියලා.

මේ ගීතයේ කලබලනැතිකම, සංයමයට මමත් හරි කැමතියි...

ලස්සනම ගීතයක් කොයිතරම් අහල තිබ්බත් අද තමයි ඒකට හරියට සවන් දුන්නෙ.

මැක්සා අයියෙ...නියමයි

වත් අක්කා ඇතුලු ගීතය තමන්ගේ ගීත ගබඩාවට එකතු කරගන්න ඕනේ අයට....

"සිනා පිපෙනා මේ වසන්තය..."

සියලු ගෞරව එලකිරි එකේ සුරංගට යා යුතුය...

කිසිම පරක්කුවක් නැහැ මලේ...... හරිම ස්තූතියි...
නැහැ නැහැ .. ගොඩක් ස්තූතියි

e nice aaa, mata font eka denawada?

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails