..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...


ඉස්කෝලේ එක වසරේ නැත්නම් දෙක වසරෙදී "නැවතීමේ තිත" කියන විරාම ලකුණ ඉගෙන ගත්තට පස්සේ මෙච්චර කාලෙකට අපි නැවතීමේ තිත් කීයක් තියලා ඇතිද... කාලයක් පොත්වල... දැන් කොම්පියුටරේ... පස්සෙ පස්සෙ කරපු විභාග වලදි ඔය ලකුණ හරියට පාවිච්චි කරනවද කියලත් බැලුවා. සමහර වෙලාවට ඇහට පේන්නෙවත් නැති මේ පුංචි තිතෙන් කෙරෙන හරිය කොච්චරද... ඔහේ ලියාගෙන යන වචන ටිකකට අර්ථයක් ගන්වන්න මේ තිත නැතිවම බැහැ. එක කතාවක් නවත්තන්නේ වගේම අලුත් කතාවත් පටන් ගන්නෙත් ඔය නැවතීමේ තිතෙන් තමයි...

~ ~ ~ ~ ~ ~ ~ ~ ~

මම පොඩි ප්‍රශ්නයක් අහන්නද... ඔබ ඉපදුනු මොහොතේ ඉදලා මැරෙන මොහොත වෙනකම් ගෙවන ජීවිතයේ වැදගත්ම මොහොත කුමක්ද... හම්ම්.. සමහරවිට උත්තර දෙක තුනක් එක පාර හිතෙන්න ඇති. ඒ අතරින් ඔබ විවාහකයෙක් හරි ලඟදි විවාහ වෙන්න හිතාගෙන ඉන්න හරි කෙනෙක් නම් "විවාහය" කියන උත්තරයත් ඒ බහුවරණ ප්‍රශ්නයේ උත්තරයක් විදිහට ඔයාලගේ ඔලුවට එන්න ඇති අනිවාර්‍යෙන්ම. ඇත්තටම විවාහය කියන්නෙ අපි කවුරුත් ජීවිතයට එක පාරක් විතරක් විඳින්න හිතාන ඉන්න, පෙරුම් පුරන අපේ කාගෙත් ජීවිත වල සුවිශේෂි කඩඉමක්... අපි හුඟ දෙනෙක් විවාහයත් එක්ක නිදහසේ පාවෙනවා වගේ ලියාගෙන ආපූ ජීවිත කතාව නවත්තලා යම්කිසි බරක් පතළක් ඇති ජීවිත කතාවක් ලියන්න පටන් ගන්නවා....

11 හිත මිතුරු කතා බහ:

4. ඉහත කිසිවක් නොවේ

විවාහය යනු නැවතීමේ තිතක්ද නොවුන කළ
කෙසේ නිවැරදි පිළිතුර ‍තෝරන්නද...?

@ බිඟුවා : එහෙනම් හරි පිළිතුර කුමක්ද...

@ වේජනා : මම පොඩි විස්තරයක් එකතු කලා. ඊයේ ගොඩක් රෑ වුනු හින්දා මොකුත් ලියාගන්න බැරි උනා. තාමත් ඔයාගේ අදහස එහෙමමද...

මල්ලි බ්ලොග් එකක් හැදුව කියල මම දැන් එලකිරි එකේ පනිවුඩයක් එවල තියෙනව දැක්ක.
මම එලකිරි යන්නෙ නෑ දැන්.. ඒ සයිට් එක විනාශ වෙමින් පවතිනවා. අපරාදෙ…
මම පුලු පුළුවන් වෙලාවට මල්ලිගෙ කවි බලනවා.

මේ කවියේ රචනාමය ගතිය වැඩි වෙලා මල්ලි.. කවීත්වය අඩු වෙන්න දෙන්න එපා..
ස්තුතියි…!

pasuwa kiyami eya

This comment has been removed by the author.

මින්දද , මම වැරදිද දන්නෙ නෑ.. ඒත් මම හිතන විදියට විවාහය නැවතීමෙ ලකුණකට පස්සෙ එන ඊළඟ වාක්‍යයෙ මුල...මිස නැවතීමේ ලකුණක් නෙවෙයි

@ රසික : ඔව් අයියේ ටිකෙන් ටික ඉගෙනගෙන මේක හදාගත්තෙ.

ඇත්තටම එලකිරි එකේ තත්ත්වය ගැන මටත් දුකයි. අයියලා වගේ ගොඩක් අය අදුරගත්තු තැනනේ. ඒත් එක එක අයගේ පුද්ගලිකත්වය එතැනට අරන් ඇවිල්ලා නිකන් ප්‍රශ්න ඇති කරගන්නවා.

අය්යා කියලා තියෙන කාරණය ඇත්ත. මට ඕනේ වූනේ මේක ප්‍රශ්න පත්තරයක ප්‍රශ්නයක් වගේ අහන්නයි...

@ බිඟුවා : මම එහෙනම් බලාගෙන ඉන්නවා...

@ වේජනා : ඔව් වේජනා.. ඔයා කියන්න හදන දෙය මට තේරෙනවා. සමහර විට අපි දෙන්නම කියන්නෙ එකම දෙයද කොහෙද... මම කියන්නෙ විවාහය කියන්නෙ අපේ හැමෝගෙම ජීවිත වල කඩඉමක්...

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails