..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

Apr
13


තව පැය කීපයකින් අලුත් අවුරුද්දක් ලබනවා. කැමති නම්, ඕනෙ නම් හැම දෙයක් ගැනම අලුතින් හිතන්න, අලුතින් පටන් ගන්න හොඳ කඩඉමක්. අලුත් අවුරුද්දට කට්ටියටම සුබ පතන ගමන් පුංචි කතාවකුත් කියන්න ඕනෙ කියලා හිතුනා.


සිංහල, හින්දු ඔයාලා කාගෙත් ගෙදර අවුරුද්දට ගේ මැද්දෙ නැකතට ගිනි මොළවලා කිරි උතුරනවනේ. අපේ ගෙදරත් එහෙමයි. අම්මා ඔය වැඩේට මුල් උනාට අපිත් ගිහින් දර කෑලි, හනසු කෑලි එහෙම ගල් තුනේ ලිපට දානවා. තව ගින්දර අඩු වේගෙන වගේ එනවා නම් නැමිලා හුළනුත් ගහනවා.

ඔන්න ඉතින් ගිය අවුරුද්දෙ ඔහොම කරන්න ගිහින් මගේ ඇහැට දුම් වැදිලා කදුළු ආවා. අපෙ අම්මා මේක දැකලා මගේ කදුළු පිහදාන ගමන් ලස්සන කතාවක් කිව්වා. "කිරි උතුරන්න නම් ගින්දර පත්තු කරන්න ඕනෙමයි". ඒ වචන පෙලේ යටින් ඇති අර්ථය කොයි තරම් ගැඹුරුද... ඒක තමයි මට ගිය අවුරුද්දට ලැබුනු හොඳම තෑග්ග... ඔන්න මම මගේ අවුරුදු තෑග්ග ඔයාලත් එක්ක බෙදා ගත්තා...

4 හිත මිතුරු කතා බහ:

සුභ අලුත් අවුරුද්දක් වේවා!

ඔයා දෙන්න හදපු පනිවිඩේ ඔන්න මමත් ගත්තා හොඳේ
සුභ අලුත් අවුරුද්දක් වේවා . . . !

@ ගල්මල් : බොහෝම ස්තූතියි අයියේ...

@ දුකා : බොහෝම ස්තූතියි සහෝ මේ පැත්තට ආවට. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් !

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails