..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...


"හිතේ සතුට..." අපි හැම දේම කරන්නෙ මේ දේ ලබාගන්නනේ. සමහර අය හොඳින් සතුට ලබා ගන්නකොට සමහර අය නරක, කොට පාරවල් වලිනුත් ගිහින් සතුට හොයාගන්නවා. ඒ මං හිතන්නෙ හුඟ දෙනෙක් හිතනවා සතුට කියන්නෙ සල්ලි කියලා. ඇත්තටම ඒක එහෙමද.... මං හිතන්නෙ නැහැ.


දුප්පත් උනත් සතුටින් ඉන්න අය කොච්චර ඉන්නවද... දවස තිස්සෙ මහන්සි වෙලා හම්බකරගත්තු දෙයක් අඹු දරුවෝ එක්ක බෙදා හදාගෙන කාලා පැදුරට වැටෙන ඒ මනුස්සයන්ට රෑට හොඳට නින්ද යනවා. ඒ අයගෙ ලෝකය පොඩියි. අල්පේඡ්චයි.අර සෝමතිලක ජයමහ ගේ ගීතයකුත් තියෙන්නෙ. කට්ටිය අහලා ඇතිනේ නේද...

අනෙක් එක අපේ පොඩි ඇත්තෝ... පොඩ් ඇත්තෝ කොයි වෙලාවේ බැලුවත් හිනාවෙන්න ඒ අය මහලොකු සල්ලිකාරයෝද.. තාත්තගෙ අම්මගේ පඩි පතේ ගාන ඒ අයට අදාල නැහැ. ඒ අය වගේම ඒ හිනා පොඩිත් අව්‍යාජයි. හදවතින්ම එන සතුටට කට පුරා හිනාවෙනවා මුලු ලෝකෙටම පේන්න.කොයි තරම් සුන්දරද... ලොකු උදවිය ලක්ෂ ගණන් වියදම් කරලා හොයාගන්න හිනාව ඒ අය ලඟ ඕනෑ තරම් තියෙනවා.

4 හිත මිතුරු කතා බහ:

සතුට ගැන ඉගෙනගන්න කුඩා දරුවො හොඳ උදාහරණයක් තමයි. ඔවුන් පොඩි පොඩි දේ වලින් පවා විෂ්මයට පත්වෙනවා සතුටු වෙනවා.

ඔබේ නිර්මාණ අගෙයි සොයුර.
සුබ අලුත් අවුරුද්දක වේවා ඔබට.

"ගෙදර යන ගමන්" ගන්න තියෙන දේවල් වගේ ගන්න ඇතිනම් කොච්චර එකක්ද...

ඇතිකොට ඇගේ නැති
නැති කොට අගේ ඇති
මිල කරන්න බැරි සතුට!

ලස්සන නිර්මාණයක් මල්ලී.

(@Raven: අගේය අදහස)

@ රවෙන්.. ඔව් රවෙන් එ අය උපතින්ම අරගෙන එනවා හිනා වෙන ක්‍රම. නමුත් ඒ අය ටික ටික ලොකු වෙලා ලොකු මනුස්සයෝ වෙනකොට එ ක්‍රම ටික ටික අමතක කරනවා...

ස්තූතියි ඇගයීමට. ඔබටත් සුබ අලුත් අවුරුද්දක්...

@ ගල්මල්.. ඇත්තටම එහෙම කාලයක් එනවානම් කොච්චර දෙයක්ද නෙද අය්යේ... නමුත් එහෙම කාලයක් ආවොත් සතුටට තියෙන තැන නැතිව යාවී කියලා හිතෙනවා. අනෙ මන්දා...

ස්තූතියි අයියේ ඇගයීමට...

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails