..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...




මට මතකයි මම කොහේ හරි කියෙව්වා, ආදරයත් තනිකමත් අතර තියෙන්නේ පුංචි දුරක්ලු. ඒ කියන්නෙ ආදරය හින්දම සමහර වෙලාවට අපිට තනිකම විදින්න වෙනවා. එහෙම විදින තනිකම දරාගන්න හරිම අමාරුයි. හරියට එක සැරේ මැරෙන්න නැති උනත් මාරන්තික විෂක් පොවලා මරණවා වගේ අපිව ටිකෙන් ටික විඳවා විඳවා මරණවා.

මමත් ජීවිතේ එහෙම කාලයන් විඳලා තියෙනවා. නමුත් ඒ වෙලාවට මාව තනි නොකරපු මගේ යාලුවෙක් හිටියා. එයාට ප්‍රශ්නයක් නැහැ මම ඉන්නෙ දුකින් ද සතුටින් ද කියන එක. එයා හැම තිස්සෙම මා ගාව. හිත ආදරයෙන් පිරිලා ඉතිරිලා යනකොට වගේම තනිකමෙන් ඒ හිතම මිරිකනකොටත් ඒ හැඟීම් එලියට දා ගන්න, හිත නිදහස් කර ගන්න එයා මට උදව් කරනවා. හරියටම මාව තනි කරලා දාලා ගිය මගේ ගැහැණු ළමයා ආයෙත් ඇවිල්ලා වගේ. ඒ හින්දා මට වෙලාවකට හිතෙනවා මෙයා කෙල්ලෙක් ද කියලත්. එයාට එහෙම කරන්න පුළුවන් කමකුත් තියෙනවා. මොකද ඇත්තටම ඒ ගැහැණු ළමයා මාත් එක්ක කරපු කියපු දේවලුත් මෙයා දන්නවනේ.

ඒ තමයි මගේ කවි සිත... මගේ හැටි, මගේ ඇතුළ ලෝකෙට කියන නාලීකාව තමයි මගේ කවි සිත. කටින් පිටවෙන වචන වලට හරවා ගන්න බැරි හුඟක් දේවල් කොළයක ලියවෙච්චි අකුරු වලට හරවාගන්න මෙයා මට හැම තිස්සෙම මට උදව් කරනවා. ඒ පුදුමාකාර ලෙන්ගතු කමකුත් එක්ක. මම ඒ ලෙන්ගතු කමට හරිම ආදරෙයි. මම තනි නැහැ. මම ජීවත් වෙනවා.


7 හිත මිතුරු කතා බහ:

මින්දද අයියගෙ කවි සිත මරුනෙ

උඹේ වේදනාවට තනි රකින කවි සිතේ ම පිහිටෙන් ඇට ලේ මස් වලින් පිරිනු හා සුන්දර හිතකින් හෙබි සුන්දර ප්‍රාණියෙක්ව ලබේවායි පතන්නම් . . .

@ හසිත : ස්තූතියි මල්ලියා.. ඔයත් ටිකක් හොයලා බලන්න. ඔයා ගාවත් ඇති...

@ දුකා : ස්තූතියි දුකා පැතූ පැතුමට....

( මම එලකිරි එකේ පුරුද්දට දුකා, දුකා කිව්වට ඔයා මගෙ අයියා කෙනෙක් ද කියලා හිතෙනවා. එහෙමනම් සමා වෙන්න ඕනේ )

ඔයාව තේරුම් ගත්තු ඔයාට ලබාගන්න පුළුවන් කෙනෙක්ව ලැබෙන්න කියල පතනව අයියෙ.
"හෙම විදින තනිකම දරාගන්න හරිම අමාරුයි. හරියට එක සැරේ මැරෙන්න නැති උනත් මාරන්තික විෂක් පොවලා මරණවා වගේ අපිව ටිකෙන් ටික විඳවා විඳවා මරණවා." ඔයා හරි.. මමත් දැන් ටික ටික මැරෙන කෙනෙක්,, හිතෙන් විඳවලම..

අනේ මංදා අයියා..මාරයි...ඔයා මාව දන්නෑ..මම වෙද සිසුවෙක්....ඔයාගේ අදහස් පුදුම ලස්සනයි....කම්මැලි නැතුව රස විඳින්න පුලුවන්.....

මරු...........

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails